Colombo Today Local News

රත්නපුරයෙන් හමුවූ ලොව විශාලතම ආරුනූල් මැණික ස්විට්සර්ලන්තයට

රත්නපුර පැල්මඩුල්ල ප්‍රදේශයේ පෞද්ගලික පතලකින් හමුවූ ලොව විශාලතම මැණික බවට සැලකෙන ආරුනූල් මැණික (ආරුනූල් සමූහය) ස්විට්සර්ලන්තයට ආරක්ෂිතව රැගෙන ගිය බව මැණික් හා පතල් ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසයි.

මෙම ආරුනූල් මැණික සම්බන්ධයෙන් සහතිකයක් ලබාගැනීම සඳහා එය ස්විට්සර්ලන්තයට මෙසේ රැගෙන ගිය බවද රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කරයි.

මැණික ස්විට්සර්ලන්තයේ මැණික් සම්බන්ධ පර්යේෂණාගාරයකදී පූර්ණ පරීක්ෂාවකට ලක් කිරීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් තත්ත්ව සහතිකයක් නිකුත් කෙරෙනු ඇත.

මැණික විදේශීය මැණික් වෙන්දේසියකදී අලෙවි කිරීමට කටයුතු සූදානම් කෙරෙන්නේ ඉන් පසුවය.

මැණික ස්විට්සර්ලන්තයට රැගෙන ගොස් ඇත්තේ කුරියර් භාණ්ඩ ප්‍රවාහන ක්‍රමය මාර්ගයෙනි.

මෙම මැණික චීන මැණික් වෙන්දේසියකදී අලෙවි කිරීමට බලාපොරොත්තු වන බවත් මැණික සම්බන්ධයෙන් රටවල ගණනාවකින් දැනටමත් විමසීම් කර ඇති බවත් ලොහාන් රත්වත්තේ මහතා කීවේය.

Related posts

බැසිල් රටින් පිටව යයි

colombotoday

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ජනපතිගෙන් අලුත් ගැසට් නිවේදනයක්

colombotoday

20ට ජනමත විචාරණයක් අවශ්‍ය නෑ -නීතිපති දැනුම් දෙයි

colombotoday

පොහොට්ටුව හා අලියා දඹුල්ලේදී ගැටෙයි.. දෙන්නෙක් රෝහලේ

colombotoday

ගහෙන් වැටිල මැරෙනවද? කරන්ට් වැදිල මැරෙනවද? ඉන්දියන් ගිලන් රථයට නගින්න පෙර දෙවරක් සිතන්න – GMOA

colombotoday

නිදහස ලැබූ ඥානසාර හිමි පැවසූ දේ…

colombotoday