Colombo Today Local News

පොහොට්ටුව හා අලියා දඹුල්ලේදී ගැටෙයි.. දෙන්නෙක් රෝහලේ

එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙපිරිසක් අතර ඊයේ පස්වරුවේ ඇතිවූ ගැටුමකින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවෙකුහා එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවෙකු තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුලත් කර ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් පොලිසියට පවසා ඇත්තේ මහින්ද රාජපක්ෂ හිටපු  ජනාධිපති වරයාගේ රැස්වීම අවසන් කොට නිවෙස් බලා ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටියදී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයාගේ නිවස ඉදිරිපිට දී ත්‍රීරෝද රථය නවතා  පහර දුන් බවත් ත්‍රීරෝද රථයේ සිටි තවත් තිදෙනෙකු ත්‍රීරෝද රථයෙන් බැස දිව ගොස් බේරුණු බව ය.
එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා කියා සිටියේ අධික ලෙස බීමත්ව එම පුද්ගලයන් ත්‍රීරෝද රථයකින් පැමිණ තම නිවෙස් වත්ත තුලට ත්‍රීරෝද  රථය ඇතුළු කොට  පරුෂ වචනෙන් බැන ගැනීමත් සමඟ ගැටුම්කාරී තත්වයක් ඇතිවූ බව ය. ඒ අනුව තමන් පොලීසියට පැමිණිලිකර බවත් හෙතෙම සඳහන් කළේය.
කෙසේ වෙතත් මෙම සිද්ධීන් දෙක පිළිබඳව දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා විශේෂ විමර්ශනයක් ආරම්භ කොට තිබේ.

 

Related posts

වසර හතකට පසු සෝමාලියානු කොල්ලකරුවන්ගෙන් මුදාගත් නෞකාවක්

Admin

“කළය හෝදන මිනිහ අතින් තමයි කැඩෙන්නේ“.. මට ඕන ඉන්න ටිකේ මහනුවරට දෙයක් කරන්නයි – ආණ්ඩුකාර මෛත්‍රී

colombotoday

රනිල් අගමැති කිරීමට බහුතරයට හරි – කථානායක ජනපතිට දන්වයි

colombotoday

නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගේ වැඩ තහනම් කෙරේ

colombotoday

අබලන් වූ ධීවර යාත්‍රා-බස් රථ ගාලු මුහුදු පතුලේ තැන්පත් කිරීම ලබන මාසයේ

colombotoday

රෝහල් 600කට පුළුල් තිර රුපවාහිනී

colombotoday