Colombo Today Local News

විජයකලා පිටුපස කලු කොටියෙක්.. මාධ්‍යට ගොරවයි !

කොටිනායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ ගුණ වයමින් වනිතා කටයුතු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් විසින් සිදු කළ ප්‍රකාශය වාර්තා කළ මාධ්‍යවේදීයකුට මරණ තර්ජනය කළ බව කියන විජයකලාගේ ආධාරකරුවෙකු යැයි කියන පුද්ගලයකු සොයා කිලිනොච්චිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.

මෙලෙස තර්ජනය කර ඇත්තේ කිලිනොච්චිය නිදහස් මාධ්‍යවේදී එස්.එන්.නිබෝජන් මහතාට වන අතර ඔහු මේ සම්බන්ධයෙන් පෙරේදා 31 වැනි දා කිලිනොච්චිය පොලිසිය වෙත පැමිණිල්ලක් සිදුකර ඇත.

‘අපේ අක්කට මොනවා හරි වුණොත් උඹව නිකන් අතඅරින්නේ නැහැ.බෝම්බ ගහන්නත් පසුබට වෙන්නේ නැහැ. තමුන් ඇයගේ කතාව වෙනස් කර වාර්තා කර තියෙනවා. සමහර වේලාවට අක්කා වැරදි අදහසින් දෙයක් කියුවත් ලියන මාධ්‍යවේදියා දැනගන්න ඕනෑ ඒක වෙනස් කරලා හරිගස්සලා ලියන්න. මේ නිවුස් එක නිසා අක්කාට බරපතල ලෙස තර්ජනයක් එල්ල වෙලා තියෙනවා. මේ නිසා අක්කට මොකක් හරි අනතුරක් වුණා නම් මම ක්ලිප් චාර්ජ් (බෝම්බ තැබීමට) පවා පසුබට වෙන්නෙ නැහැ. මට හැම ආයුධයක්ම පාවිච්චි කරන්න හොදින් දන්නවා. මට ගොඩක් අය සමඟ සබඳතා තියෙනවා.හැම තැනම කට්ටිය ඉන්නවා. අනික මම පුහුණුව ලත් කළු කොටි කොටි සාමාජිකයෙක් ගමම පැහැරගෙන ගිහින් මරන්නත් දන්නවා. අතුරුදන් කරන්නත් දන්නවා.’ යනුවෙන් චන්ද්‍රිකා තාක්ෂණය හරහා නිබෝජන් මහතාට ගත් දුරකතන ඇමතුමකින් තර්ජනය කර තිබේ.

ලෝකයේ නායකයින් අතරින් වීරත්වයෙන් හා පෞර්ෂත්වයෙන් පරිපූර්ණ එකම නායකයා කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් බවත් මොහුට සම කළ හැකි නායකයකු මෙතෙක් හමුවී නැති බවත් අප සැවොමගේම අවාසනාවකට ඔහු ජීවතුන් අතර නොමැති බවත් ඔහු අද සිටියේ නම් ඔහු මෙරට අගමැති වුවද වන්නට ඉඩ තිබූ බවත් විජයකලා මහේෂ්වරන් මහත්මිය කිලිනොච්චිය දිසා ලේකම් කාර්යාලයේදී පැවති අතර මෙම උත්සවයක දී පැවසුවාය.

මෙම සිද්ධිය මුල්කරගනිමින් මෙම තර්ජනය සිදුකර ඇති අතර අදාල තර්ජකයා කවුරුන්ද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මෙම විදේශයක සිට මෙම ඇමතුම ගෙන ඇති බව අනාවරණය වී ඇත.

Lankadeepa

Related posts

ඇඳිරි නිතිය දීර්ග කෙරේ

colombotoday

සුවය ලැබු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 620ක් දක්වා ඉහලට

colombotoday

නිවාස අමාත්‍යාංශය අද වනවිට හයකට කඩලා.. මට දී තිබෙන්නේ එයින් එක කෑල්ලක් පමණයි – සජිත්

colombotoday

අර්ජුනගේ අන්තහ්පුරයට ලීබඩු හැදූ වරායේ වඩුමඩුවට වෘත්තීය සමිති පනී !

colombotoday

බන්ධනාගාර බස් රථයට පාර්සලයක් විසිකළ පුද්ගලයා ලුහුබැඳ ගොස් අල්ලයි

colombotoday

අට වැනිදා තීරණාත්මකයි… ශ්‍රීලනිප 16 කණ්ඩායම සමග තවත් පිරිසක් විපක්ෂයට… ආණ්ඩුවේ ගමන නිමයි?

colombotoday