Colombo Today Local News

‘එළුග තමිල් 2‘ මඩකලපුවේදී… ෆෙඩරල් දිනාගන්න එන්නැයි අත්පත්‍රිකා බෙදා හරී

උතුරු පළාත් ප්‍රධාන ඇමති සී.වී. විග්නේෂ්වරන්ගේ ප්‍රධානත්වයෙන් යුතු “දෙමළ මහජන සභාව“ විසින් පවත්වන “එළුග තමිල්“ රැළියේ දෙවන අදියර මඩකලපුවේදී පැවැත්වීමට සූදානම් වනවා. ඒ සදහා එක්වල ලෙස දන්වමින් පසුගිය 30වනදා මඩකලපුව දිස්ත්‍රික්කය පුරා අත් පත්‍රිකා බෙදාහැර ඇතැයි දෙමළ වෙබ් අඩවි වාර්තා කර තිබෙනවා.

ජනවාරි 21 වන දින මඩකපුවේදී පැවැත්වීමට නියමත බව සදහන් කර බෙදාහැර ඇති එම පත්‍රිකාවල “ඒකාබද්ධ කරන උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ මාතෘ භූමිය බව අවධාරණය කිරීම, යුද අපරාධ සහ දෙමළ ජාති ඝාතනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්‍ෂණයක් පැවැත්විය යුතු බව ජාත්‍යන්තර ප්‍රජාවට අවධාරණය කිරීම, ස්වාධිපත්‍ය හා ස්වයංනිර්ණ අයිතිය යනාදීය පදනම් කරගත් ෆෙඩරල් විසඳුමක් අවශ්‍ය බව අවධාරණය කිරීම, දෙමළ ජනතාවගේ මාතෘභුමියේ සැළසුම් සහගතව සිදුකරන සිංහල ජනතාව පදිංචි කිරීම් වැළැක්වීම යනාදීය ඇතුළු දෙමළ ජනතාවගේ අයිතීන් සඳහා වන බොහෝ ඉල්ලීම් මූලික කරගෙන මෙම පෙළපාලිය පැවැත්වීමට නියමිතය” යනුවෙන් සඳහන් කර ඇත.

මූලාශ්‍ර ටැමිල්වින්

Related posts

අගමැති නීතිවිරෝධී වැඩක… ස්වාධීන රාජ්‍ය සේවා කොමිසම අරලියගහ මන්දිරයට කැදවයි…

colombotoday

තෙවන පාසල් වාරය ආරම්භය සති දෙකකින් කල්දැමේ

colombotoday

ඩිපෝ කිහිපයක ලංගම බස් වර්ජනයක්

Admin

ශ්‍රී ලංකා සහ ඇෆ්ගනිස්ථාන T20 දෙවන තරගය අද

Admin

බුදු පිළිමයක් විකෘති කර FB දැමූ කඩුගන්නාවේ මුස්ලිම් ජාතිකයා අත්අඩංගුවට !

colombotoday

නයිජීරියාව ඇතුලූ රටවල් 11 සඳහා ශ්‍රී ලංකා විසා නීති තද කරයි

colombotoday