Colombo Today Local News

නත්තල් සාදයක් මරණයකින් කෙළවර වෙයි

සාදයක් අවසානයේ ඇතිවූ සිදුවීමක් මුල්කරගෙන පුද්ගලයෙකු විසින් තවත් පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.

මට්ටක්කුලිය පොලිස් වසමේ පොකුණු වත්ත ප්‍රදේශයේ ඊයේ (26) උදෑසන මෙම ඝාතනය සිදු වී තිබේ.

එලෙස මියගොස් ඇත්තේ, 22 හැවිරිදි පල්ලියපාර, මට්ටක්කුලිය ප්‍රදේශයේ පංදිචිකරුවෙකි.

මියගිය පුද්ගලයා තවත් පිරිසක් සමග මත්පැන් සාදයක් පවත්වා ඇති අතර එම සාදය අවසානයේ ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් එම ඝාතනය සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි.

ඝාතනය සිදුකළ සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහු මේ වන විට ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව පොලීසිය සදහන් කර සිටි.

සැකකරු අත්අඩංගුයට ගැනීම සඳහා මට්ටක්කුලිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

අලිවත්තේ අසිත මාට්ටු

colombotoday

තවත් අස්වැසුම ප්‍රතිලාභීන් පිරිසකට ජූලි මාසයට අදාළ මුදල් බැර කෙරේ…

Admin

පොල් වගාකිරීමේ මණ්ඩලයේ කෝටි 2 ක මුදලක් වංචාව. පරීක්‍ෂණ වාර්තාව අමාත්‍යංශ ලේකම් අතට

colombotoday

සමාජ මධ්‍යයේ මුත්‍රා කල හරීන් ප්‍රනාන්දු ටෙලොකොම් එක කෑවා | රංජිත් විතානගේ

colombotoday

සිංහල, දෙමළ, මුස්ලිම් ත්‍රිවිධ ජාතීන්ගේ හමුදාවක් හැදීම ජනපතිගේ බලාපොරොත්තුවයි

colombotoday

වෛරස් උණට දකුණේ තවත් දරුවන් දෙදෙනෙක් බිලි… සබරගමු, බස්නාහිර පළාත්වලටත් පැතිර යෑමේ අවදානමක්

colombotoday