Colombo Today Local News

තවත් අස්වැසුම ප්‍රතිලාභීන් පිරිසකට ජූලි මාසයට අදාළ මුදල් බැර කෙරේ…

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ ගිණුම් තහවුරු කරගත් පුද්ගලයින් 113,713ක් සඳහා ජූලි මාසයට අදාළ රුපියල් මිලියන 709.5ක මුදල මේ වනවිට බැංකු වෙත බැර කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

ඒ අනුව බැංකු මඟින් ප්‍රතිලාභීන්ට එම මුදල් බැර කිරීමට කටයුතු කරමින් සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත.

ප්‍රතිලාභි පවුල් 1,162,245කට අදාළ රු. මි 7,278ක මුදලක් ජූලි මාසයට අදාළව මේ වනවිටත් ගෙවා අවසන් කර ඇතැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

එමෙන්ම අභියාචනා හා විරෝධතා සම්බන්ධ සමීක්ෂණ කටයුතු අවසන් වූ පසු සියලු ප්‍රතිලාභීන්ට ගෙවීම් සිදුකරන බව ද ෂෙහාන් සේමසිංහ මහතා එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත.

Related posts

අත්අඩංගුවට ගත් සහරාන්ගේ ගෝලයා වමාරයි – හිටපු ඇමති කෙනෙකු ගැනත් හෙළිවේ

colombotoday

දයාසිරිට අධිකරණයෙන් තහනම් නියෝගයක්

Admin

කුරුණෑගල නගර සභාවෙන් ලක්ෂ 50 ක පාසල් උපකරණ වාහන අමතර කොටස් ආයතනයකින් මිලට අරන්. – විගණකාධිපති වාර්තාවකින් හෙළිවෙයි.

colombotoday

හඩ්සන් සමරසිංහ යලි ගුවන්විදුලි සංස්ථාවේ සභාපතිධූරයට

colombotoday

පිස්තෝලයක් සමග හමුදාවෙන් පලා ගිය අයෙක් අත්අඩංගුවට

colombotoday

රිෂාඩ් බදුර්දීන්ට අධිකරණය අද දුන් නියෝගය

colombotoday