Colombo Today Local News

තිලීපන් සැමරුම් තහනම් කරන්නැයි වව්නියාව පොලීසිය ඉල්ලු නියෝගය අධිකරණය ප්‍රතික්ෂේප කරයි

වව්නියාව නගරයේ තිලීපන් සැමරුම් තහනම් කරන්නැයි ඉල්ලා වව්නියාව පොලීසිය අධිකරණයෙන් ඉල්ලු තහනම් නියෝගය අද (20)දින වව්නියාව අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

කොටි සංවිධානයේ හිටපු නායකයෙකු වූ තිලීපන්ගේ 36 වන ගුණ සැමරුම වෙනුවෙන් රථ පෙලපාලියක්ද වව්නියාව නගරයට පැමිණෙන බවටත් එහිදී තිලීපන් සැමරුම් හේතුවෙන් මහජන සාමයට බාධාවන බව පවසා වව්නියාව පොලීසිය වව්නියාව අධිකරණයෙන් තහනම් නියෝගයක් ඉල්ලූ අවස්ථාවේදී වව්නියාව අධිකරණය විසින් තහනම් නියෝගය නොපැනවීමට පියවර ගෙන ඇත.

එහිදී වව්නියාව අධිකරණය විසින් නියෝග කොට ඇත්තේ මිය ගිය අය සිහිකිරීමට ඕනෑම අයෙකුට අයිතියක් පවතින බවටත් මහජන සාමය කඩවන අයුරින් යමෙක් කටයුතු කරන්නේ නම් එම අය වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙසටද මියගිය අය වෙනුවෙන් සැමරීම් සිදුකරන අයට බාධාවක් නොවීමටද කටයුතු කරන ලෙසටත්ය.

Related posts

ලුණූ ආනයනය නතර කර රටටම ලුණු හදන්න පාඩු ලැබීම ගැන නිදහසට කරුණු එපා

colombotoday

දරුවන්ට පොලිතින් කැවූ විදුහල්පතිට මාරුවක්

Admin

දෛනික PCR ධාරිතාව ඉහළ දැමීමට තීරණයක්

colombotoday

වන අලි ප්‍රහාරයකින් බිලිඳෙක් ජිවිතක්ෂයට

colombotoday

ධාවනය වෙමින් තිබූ වෑන් රථයෙන් ඇඳ වැටී පෙර පාසල් දරුවෙක් මරුට

colombotoday

උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන්ට නිවේදනයක්

colombotoday