Colombo Today Local News

කුරුණෑගල නගර සභාවෙන් ලක්ෂ 50 ක පාසල් උපකරණ වාහන අමතර කොටස් ආයතනයකින් මිලට අරන්. – විගණකාධිපති වාර්තාවකින් හෙළිවෙයි.

කුරුණෑගල මහ නගර සභාව යටතේ පාලනය වන පෙර පාසල් සඳහා රුපියල් ලක්ෂ 50 කට ආසන්න වටිනා පාසල් උපකරණ මිලදී ගෙන ඇති ආයතනය පිළිබඳව සොයා බැලීමේදී එය පාසල් උපකරණ අලෙවි කරන ආයතනයක් නොව වාහන අමතර කොටස් අලෙවි කරන ආයතනයක් බවට තොරතුරු හෙළිවී ඇතැයි විගණකාධිපති දෙපාර්තමේන්තුව පවසයි.

මෙම මිලදීගැනීම සඳහා තාක්ෂණික ඇගයීම් කමිටුවෙන් නිර්දේශයක් හෝ ලබාගෙන නොතිබූ බව විගණන වාර්තාවක සඳහන්වේ.

එසේම මෙම මිලදී ගැනීම් සඳහා ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 5:3:2:වගන්තියට අනුකූල නොවී පුවත්පත් දැන්වීමක් පළකර තිබූ බවත් 6:2:2 වගන්තියට අනුකූලව ප්‍රසම්පාදනය සඳහා දින 21 ක් ලබාදිය යුතු වුවත් ලබාදී ඇත්තේ දින නවයක් පමණක් බවත්
විගණන විමර්ශනවලදී තොරතුරු හෙළිවී ඇත.

නගර සභාව මේ ආකාරයට කටයුතු කිරීම සම්බන්ධයෙන් රජය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව නගර සභා ප්‍රධානීන්ට අප්‍රසාදය පළකර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

කුරුණෑගල මහ නගර සභාවේ 2016, 2017, සහ 2018 වර්ෂ සඳහා වූ විගණකාධිපති වාර්තා හා වර්තමාන කාර්ය සාධන පරීක්ෂාව සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභා රැස්වීමේදී ලබා දුන් නියෝග සඳහා විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් කරමින් මෙම වාර්තාව පිළියෙල කරනු ලැබ ඇත.

Related posts

කොවිඩ් දේහ භූමදානයට අදාළ මාර්ගෝපදේශ නිකුත් කෙරේ

colombotoday

බංගලාදේශයේ පැය 19ක විදුලි කප්පාදුවක්

Admin

ETI සහ ද ෆිනෑන්ස් ආයතන තැන්පත්කරුවන්ට සාධාරණය ඉටු කරන්නැයි ජනපතිගෙන් මහ බැංකු නිලධාරීන්ට උපදෙස්

colombotoday

කඩුවෙල ඇතුළු ප්‍රදේශ කිහිපයකට පැය 16ක ජල කප්පාදුවක්

colombotoday

ත්‍රීකුණාමලයේදී බස් රථයකට ගිනි තබයි !

colombotoday

ශ්‍රී ලංකාවෙ පළමු ඔමික්‍රෝන් ආසදිතයා හමුවෙයි

colombotoday