Colombo Today Local News

ඉදිරි සති තුන තුළ ඖෂධ මිල අඩු වෙයි?

ඉදිරි සති තුන තුළ ඖෂධ මිල අඩු කිරීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීමේ වාසිය හැකි ඉක්මනින් රෝගී ජනතාව වෙත ලබාදීමට පියවර ගන්නැයි තමන් ඊයේ සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් ලබාදුන් බව ඔහු සඳහන් කළේය.

ඒ අනුව ඖෂධ මිල 10% – 15% ප්‍රමාණයකින් අඩු කිරීමට සැලසුම් කර ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

මේ අතර ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධ මිල පාලන ඒකකයේ නිලධාරීන් අද (17)දින රැස්වීමට නියමිතය.

ඩොලරය අවප්‍රමාණය වීමේ දත්ත විශේලේෂණය කර කඩිනමින් අමාත්‍යවරයා වෙත ඖෂධ මිල සංශෝධනය පිළිබඳ වාර්තාවක් ලබා දෙන බව ද ඖෂධ මිල පාලන ඒකකය ප්‍රකාශ කරයි.

Related posts

සමාජ මාධ්‍ය තහනම නිසා රාජ්‍ය ආදායම ඉහළ ගියා.. පාඩුයි කියාගෙන ඒ සමාගම් අපේ පස්සෙ එනවා – ජනපති [Video]

colombotoday

වාරියපොල අනතුරකින් 14 දෙනෙකුට තුවාල

Admin

දිස්ත්‍රික් දහයක ඩෙංගු අධි අවදානමක්

colombotoday

බූස්ටර් මාත්‍රාව ලබාගත් පිරිස ලක්ෂ 58 ඉක්මවයි

colombotoday

අධිවේගයේ රාජකාරිවලින් 11,000ක් ඉවත් වෙයි – යුද හමුදාව කැඳවයි

Admin

රාජ්‍ය ආදායමෙන් 96%ක්ම ණය ගෙවනවා.. සංවර්ධනයට 4%යි

colombotoday