Colombo Today Local News

මහ රැ ගෙදරටම ඇවිදින් චම්පිකට මාංචු දැම්මේ ඇයි? රියැදුරා චූදිතයා කළ පොලිසිය ‘ආලවක’ වූ උපාසක දේශපාලනය..

සීසීටීවී දර්ශන මැකුනේ කොහොමද?

cham500


ශී‍්‍ර ලංකාවේ දේශපාලනය තුළ, ඉකුත් 2001 වසරේ පැවති මහ මැතිවරණයේදී නොසිතූ විරූ දේශපාලන අනාථභාවයකට පත් වූ සිහල උරුමය නම් වූ දේශපාලන කණ්ඩායමට යළි ශක්තියක් එක්වන්නේ මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් 2004 වසරේ පෙබරවාරි මාසයේදී ජාතික හෙළ උරුමය පක්‍ෂය බිහිවීමත් සමගය.

මේ කාල වකවානුව වන විට සිය ධර්මදේශනාමය චතුරත්වය තුළින් මෙරට තුළ නව බෞද්ධ ප‍්‍රබෝධයක් ඇති කිරීමට අති පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියෝ සමත්ව සිටියහ. එසේ තිබියදී 2003 වසරේ දෙසැම්බර් මස දොළොස් වැනිදා සිදුවූ උන්වහන්සේගේ හදිසි අපවත් වීම මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ජාතික හෙළ උරුමය බිහිවීමේ ප‍්‍රබල සාධකය ද විය.

ඒ අනුව මෙරට දේශපාලනයේ නවමු පෙරළියක් ඇති කරමින් ඉකුත් 2004 වසරේ පැවති මහ මැතිවරණයේදී ජාතික හෙළ උරුමය තුළින් ප‍්‍රථම වරට මෙරට දේශපාලනයට සංඝරත්නයේ ආගමනය සිදුවිය. එය මෙරට සෙසු දේශපාලන කණ්ඩායම් දේශපාලනිකව කම්පනයට පත් කරවූවක්ද විය.

ඇතිවූ මෙම තත්ත්වය මෙරට සිංහල බෞද්ධ ජනතාව අතර රටේ දේශපාලනයේ නවමු බලාපොරොත්තුවක් ඇති කරන්නක්ද වී තිබිණි. එසේ වුවද අවසානයේ ජාතික හෙළ උරුමයේ භික්‍ෂු දේශපාලනය ක‍්‍රමයෙන් දියවී යන්නට විය.

එයට හේතු වූයේ සෝම හිමියන් මතු කළ නව බොදු ප‍්‍රබෝධයත් සමග මෙරට මහා සංඝරත්නය ජාතික හෙළ උරුමය තුළින් දේශපාලනයට පිවිසීමේදී වැලේ වැල් නැතිව සිටි සිහළ උරුමයේ කණ්ඩායම සිය දේශපාලනය සඟ සතුකොට පූජා කරමින් ඊට එක්වීම යැයි කිවහොත් නිවැරදි වන්නකි.

මෙහිදී භික්‍ෂු දේශපාලනය තුළට ගිහි සංයෝගයක් ඇතිවිය. එතැන් සිට මතවාදීමය ගැටුම් ඉස්මතු වීම නිරන්තර සිදුවිය. අවසානයේ ජාතික හෙළ උරුමයේ භික්‍ෂු නියෝජනය ක‍්‍රමයෙන් ක්‍ෂය වී යද්දී සිහළ උරුමය විසින් ජාතික හෙළ උරුමය ආක‍්‍රමණය කරනු ලැබීය.

අවසානයේ ජාතික හෙළ උරුමයේ නායකත්වය භාරගනු ලැබුවේ කවුරුද? හෙළ උරුමය පක්‍ෂයේ සිටියදීම දීර්ඝ කාලීනව සිහල උරුමය සමග සමීප සබඳතාවක් ගොඩනගාගෙන සිටි අතුරලියේ රතන හිමියන් සමග උස හීන්දෑරි ජාතික ඇඳුමින් සැරසුණු උපාසක ලීලාවෙන් පෙනී සිටි මිනිසකු එහි නායකත්වය භාරගනු ලැබූහ.

හේ කවරෙක්ද? ඔහු පාඨලී චම්පික රණවකය. මෙසේ සිය දේශපාලනයේ දෙවැනි ගමන ඇරඹීමෙන් පසුව පාඨලී තාවකාලික සීලයක් සමාදන් වී රටත් සමාජයත් ඉදිරියේ සුපිරිසිදු බෞද්ධයකු ලෙස පෙනී සිටියාද අපට මතකය.

මේ සටහන් කෙරුණේ අද දවසේ තරුණයකු අනතුරට පත්කර ආබාධිතයකුගේ තත්ත්වයට ඇද දමා සිය දේශපාලන බලයෙන් සියල්ල යටපත් කිරීමේ චෝදනා මත වැලිකඩ බෝඩිමේ කූරු ගණින හිටපු ඇමැති පාඨලී චම්පික රණවක උපාසක ලීලාවෙන් තමන්ගේ දේශපාලන ගමනේ කූටප‍්‍රාප්තියට ළඟා වීම ඇරඹූ අන්දමය.

සමාජය ඉදිරියේ සිල් සමාදන් වී සත්ගුණවත් උපාසකයකු සේ පෙනී සිටි පාඨලී චම්පික රණවක එකී තරුණයා අනතුරට පත් කරනු ලැබුවේ මහන්සි වීම වෙනුවට හාන්සි වී බැබලෙන නිළියක සොයා ගොස් සිල් බිඳගෙන එමින් සිටියදී බවද ඒ අනතුර සිදුවූ දිනවල කියැවුණු කතාවක් විය.

මෙසේ ජාතික හෙළ උරුමය තුළින් සිය දේශපාලනයේ දෙවැනි ගමන ඇරඹූ පාඨලී පසුව ඉකුත් 2007 වසරේදී රාජපක්‍ෂ රජයට මුක්කුවක් ගසා මේ රටේ විදුලිබල සහ බලශක්ති ඇමැතිවරයාද විය.

අනතුරුව 2015 දේදුණු විප්ලවයේදී රාජපක්‍ෂ කඳවුරට පස්ස හරවා එජාපයේ දේශපාලනයට පිවිස පාට මාරු කළ පාඨලී සිංහල බෞද්ධ උපාසකකම කෙසේ වෙතත් සිය බඩගෝස්තරවාදී දේශපාලනයේදී බලය වෙනුවෙන් ඕනෑම දහදුරා වැඩක් කළ හැකි නියම පාට ලීයක් බව රටට තහවුරු කරනු ලැබීය.

2015 දී ඔහු කළ ඒ තෝරාගැනීම සිංහල බෞද්ධ විරෝධී මේ රටට එරෙහි වූ කඳවුර සමග කළ දීගයක්ම විය. සිංහල බෞද්ධ රැල්ලෙන් මතුවී ඒ තරම් කුණු හැසිරීමක යෙදෙන්නන් බුදුන්ගේ දේශනාව අනුව බලන කල හැඳින්විය හැකි නාම වචනය වන්නේ වසලයා යන්නය.

උපාසක පාඨලී ඉකුත් 2016 වසරේ පෙබරවාරි මස 28 වැනිදා සංදීප් සම්පත් ගුණවර්ධන නම් වූ ඉහත කී තරුණයා අනතුරට පත් කරනු ලැබිණි. සමාජය කියන අන්දමට සිල් බිඳ ගන්නට විදුලිබල මණ්ඩලයට අයත් සුඛෝපභෝගී රථයකින් ගොස් එමින් සිටියදී කොළඹ රාජගිරියේදී ඔහු අතින් මේ අනතුර සිදුව ඇත.

මේ මොහොතේ අධිකරණයේ දිගහැරෙන පරිදි එසේ තරුණයා අනතුරට පත් කිරීමෙන් පසුව උපාසක පාඨලී සිදු කර ඇත්තේ කුමක්ද? රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා ඉකුත් 19 වැනිදා පාඨලී උපාසකව අධිකරණයට ඉදිරිපත් කළ මොහොතේ පැමිණිල්ල වෙනුවෙන් ඒ කතාව හරි අපූරුවට අධිකරණයට ඉදිරිපත් කළේය.

එදින (2016 වසරේ පෙබරවාරි 28 ) රාති‍්‍රයේ අනතුර සිදු කළ මොහොතේ උපාසක පාඨලීගේ රථයේ ගැටුණු යතුරු පැදියකින්
ගමන් කරමින් සිටි තරුණයන් දෙදෙනකු මහමග ඇදවැටී සිට ඇත. එහිදී පැති වීදුරුව පහත් කර ඔවුන් දෙස බැලූ පාඨලී උපාසක ක්‍ෂණිකව තමන් පැමිණි රථයෙන් පලා ගොස් ඇත.

ඒ අවස්ථාවේ තවත් යතුරු පැදියකින් පසුපසින් පැමිණි අනතුරට පත් තරුණයන්ගේ මිතුරන් දෙදෙනකු පාඨලීගේ රථය හඹා යන අතර රාජගිරියේ සිට සරණ පාර ඔස්සේ කොටා පාරට පිවිසෙන පාඨලී උපාසක කොටා පාර ඔස්සේ ආයුර්වේද මන්සන්ධිය දෙසට වේගයෙන් සිය රථය ධාවනය කරන්නට වී ඇත. ඒ අතරේ මග හරස් කර එය නතර කරවන්නට තරුණයෝ දෙදෙනා සමත් වන්නාහ.

පසුව වම්පස දොර විවෘත කර මේ සාහසික කි‍්‍රයාව සිදු කරන තිරිසනා මොකාදැයි හඳුනා ගන්නට තරුණයන් දෙදෙනා ගත් උත්සායේදී අව්කණ්ණාඩියක්ද පැළඳ ඔහු රැයේ රථය පැදවා ඇති එහි සිටි මිනිසා ඔවුන්ට කියන්නේ මම ඇමැති පාඨලී චම්පික රණවක බවය.

මේ අවස්ථාවේ අනන්‍යතාව තහවුරු කරගැනීමට තරුණයන් දෙදෙනා හැඳුනුම්පත ඉල්ලා සිටියදී ඉදිරිපස දොර විවෘතව තිබියදීම පාඨලී උපාසක වේගයෙන් යළි රථය පදවාගෙන බොරැල්ල පොලිසියට ගොස් ඇත.

හොඳම ටික සිදුව ඇත්තේ එහිදීය. පාඨලී බොරැල්ල පොලිසියට ගිය පසු ටික වේලාවක් ගත වෙද්දී ඔහුගේ රියැදුරු එහි එන්නේය. පසුව අනතුර සිදු කළ සැකකාර රියැදුරා ලෙස ඔහුව ඉදිරිපත් කරන බොරැල්ල පොලිසිය අනතුර සිදුවූ ප‍්‍රදේශය වැලිකඩ පොලිසියට අයත් නිසා ඉදිරි විමර්ශන වැලිකඩ පොලිසියට භාර දී ඇත.

දිලීප පීරිස් මහතා අධිකරණයේදී කී අන්දමට එතැන් සිට එදා වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිව සිටි සුදත් අස්මඩල ඇතුළු වෘක්‍ෂ සුනඛයෝ ටිකක් එක්ව අහිංසක තරුණයකු මරාණාසන්නව තුවාල ලබා රෝහලේ ඇඳක ජීවිතය යදිද්දී සියල්ලෙන් පාඨලී උපාසක ගලවා නිවසට යවා ඇත.

ඒ ගැලවිල්ල කෙසේද යත් අනතුර සිදුවූ ප‍්‍රදේශයේ සීසීටීවී දර්ශන පවා මකා දැමීමට තරම් ධර්ම චක‍්‍රය උර පැළඳි මේ පොලිස්කාරයෝ නින්දිත තැනකට ඇද වැටී ඇත්තාහ. මතක තබා ගන්න මේ සියල්ල සිදුවන විට එදා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිව සිටින්නේ දැන් බන්ධනාගාරයේ සිටින හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරය.

දිලීප පීරිස් මහතා මේ සියල්ල කියා සිටියේ විමර්ශනවලදී පැහැදිලිව අනාවරණය වී තිබෙන බවද සඳහන් කරමිනි.

මේ අනුව බලන කල හරිනම් පාඨලී උපාසක ඇතුළට යා යුත්තේ මිනී මැරීමට තැත් කිරීමේ චෝදනාවද ඇතුළත්වය. එහෙත් එසේ සිදුවූ බවක් වාර්තා වූයේ නැත. මේ කතාවේ එන පරිදි අනතුරට පත්වූ සංදීප් තරුණයා සිටින්නේ එදා සිට මේ මොහොත දක්වාම ජීවිතය විඳවමිනි.

විඳින්නට ඇති ඔහුගේ තාරුණ්‍යය ඔහුට අහිමි කරන්නට තරම් පාඨලී උපාසකගේ සිල් බිඳ ගැනීම බරපතළ විය. ඔහුගේ මේ සිල් බිඳ ගැනීම එතැනින් නතර වූවක්ද?

පසුගිය කාලයේ පාඨලී උපාසක සමීපයේ සිටිමින් කටයුතු කළ ඔහුගේ හිතවතකු පැමිණ පාඨලීගේ සිල් බිඳ ගැනීම පිළිබඳ තවත් කතාවක් කීවා අපේ මතකයේ ඇත. ඒවා සමාජ මාධ්‍ය ජාල ඔස්සේද ප‍්‍රචාරය විය.

එහිදී රට ඉදිරියට පැමිණි ඒ මිනිසා කියා සිටින්නට වූයේ තමන්ගේ පෙම්වතිය ඉල්ලා තර්ජනය කරන්නට වූ පාඨලී පසුව තමන්ව නිවාස අඩස්සියේ තබාගෙන අවසානයේ රාජිත සේනාරත්නගේද උදව් ඇතිව මානසික රෝගියකු බව පවසා ගිලන් රථයකින් අංගොඩ මානසික රෝහලට ගෙනගොස් විදුලිය ඇල්ලවූ බවය.

මේ කතාව අනුව බලන කල නම් පාඨලීගේ සිල් බිඳ ගැනීමේ අමාරුව තිබී ඇත්තේ එසේ මෙසේ තැනක නොවන බව හොඳින්ම පැහැදිලි වන්නකි. ගැහැනියකගේ සිරුරක් කෙරෙහි උපන් ලෝබයෙන් අහිංසක මිනිසකු පිස්සකු බවට පත්කර විදුලිය ඇල්ලවීමට තරම් තිරිසනකු මේ මිහිපිට සිටිය නොහැකිය.

සිටින එකම තැනැත්තා පාඨලී උපාසක වියයුතුය. මෙහිදී පැහැදිලි වන ඊළඟ කරුණ වන්නේ දේශපාලන බලයෙන් පිම්බී සිටි පාඨලී උපාසක මෙතෙක් කලක් සත්ගුණවත් සිංහල බෞද්ධයකු ලෙස පෙනී සිටිමින් සුදු පිරුවට වලින් වසාගෙන සිට ඇත්තේ වෙනත් දේවල් බවය.

මෙවන් නින්දිත හැසිරීමක යෙදුණු බව කියැවෙන පාඨලී උපාසක අත්අඩංගුවට ගෙන වැලිකඩ බෝඩිමට යැවීම මේ මොහොත වන විට එක්සත් ජාතික පක්‍ෂ දේශපාලනයේ දැඩි ලෙස කතාබහට ලක්ව තිබෙන්නකි.

ඔවුන් කියන්නේ පාඨලී උපාසක අත්අඩංගුවට ගැනීම දේශපාලන පළිගැනීමක් බවය. පාර්ලිමේන්තු වරප‍්‍රසාද කඩකිරීමක් බවද සමහරු කියන්නාහ.

එහෙත් එජාප දේශපාලනයේ අර්ථ දැක්වීම කුමක් වුවත් අහිංසක තරුණයකුගේ ජීවිතයම අගාධයට ඇද දමා සැඟවී පලා ගිය එකකු නීතිය ඉදිරියට ගෙන යෑම දේශපාලන පළිගැනීමක් නොවන බව මේ රටේ ජීවත්වන සවිඥාණික මිනිස්සු දැන සිටිති.

එසේම වරප‍්‍රසාද තිබිය යුත්තේ තවකෙකුගේ වරප‍්‍රසාදවලට ගරු කළ මිනිසකුට මිස සිය හිවල් භාවිතාව තුළ රටම රවටා අහිංසක තරුණයකුට සතුටින් ජීවත් වීමේ අවස්ථාව අහිමි කළ එකෙකුට නොවන බවද පැහැදිලිය.

මිනිස්සු කියන අන්දමට සිල් බිඳ ගන්නට ගිය පාඨලී උපාසක මෙසේ තරුණයකුගේ ජීවිතය අන්තිම අගාධයට දැමීම සේම සිය මිතුරාගේ පෙම්වතිය ලිංගික කටගැස්මට ඉල්ලා නොලැබුණු කල ඔහු පිස්සකු කර විදුලි ඇල්ලූ බව කියන කතාවෙන්ද පැහැදිලි වන එක් කරුණක් ඇත.

එය වන්නේ පාඨලී උපාසකට තිබී ඇත්තේ එසේ මෙසේ අමාරුවක් නොවන බවය. මේ තත්ත්වය සුව කිරීමට නම් කළ යුතු එක් දෙයක් ඇත. එය වන්නේ දැනට වැලිකඩ බෝඩිමේ ‘එම්’ වාට්ටුවේ සිටින පාඨලී උපාසකව සමස්ත සමාජයේ ආරක්‍ෂාව සඳහා එහි එක් තාප්පයකට එපිටින් ඇති වැලිකඩ කාන්තා අංශයට මාරු කර යැවීමය.

එහිදී ස්තී‍්‍රත්වයේ අගය දන්නා වැලිකඩ සිටින බොහෝ චණ්ඩි අක්කලා සමූහ වශයෙන් එක්ව පාඨලී උපාසකට හොඳින් සලකනු ඇත. පාඨලී උපාසක යනු එවන් සැළකිල්ලකට ඉතාම සුදුසු අයකු බව අද පැහැදිලි වී තිබෙන කරැණකි.

එකී සැලකිල්ල හමුවේ පංචශීලය කෙසේ වෙතත් අඩුම තරමේ අනාගතයේදී තුන්වන සිල් පදයවත් රකින්නට පාඨලී උපාසක පෙළඹෙනු ඇතැයි අපේ විශ්වාසය ය.

ඒ ආකාරයෙන් හෝ වැඬේ සිදු නොවුණොත් පාඨලී උපාසක මිතුරාට කළේ යැයි කියන අන්දමට ඔහුව කුදලාගෙන යන මේ රටේ මිනිස්සු අවශ්‍ය තැන්වලට විදුලිය අල්ලන දවස වැඩි ඈතක නොවන බව අප කියන්නේ මේ මොහොතේ පාඨලී උපාසක වෙනුවෙන් හඬා වැළපෙන අයගේ අවබෝධය පිණිසය.

එසේම මෙහිදී අවසන් වශයෙන් පොලිසියට කියන්නට එක් දෙයක් ඇත. පාඨලී උපාසක සේම මේ අන්දමට වැලිකඩට යන්නට සුදුසුකම් සපුරා ඇති අය තවත් ඇත.

එහෙත් උන් අල්ලන්නට යෑමේදී මින් ඉදිරියට ආලවකයන් ශෝපාකලා කිරීම නම් සිදු නොවිය යුත්තකි.

මන්ද මේ සිටින්නේ ආලවකටත් එහා ගිය රටේ ජනතාවගේ රීරි මාංශයට පෙරේත වූ මහසෝන්නු වන නිසාය.

Related posts

අයවැයෙන් වැඩිම මුදල ණය ගෙවීමට

colombotoday

‘අපි අවහිර කළ සුද්දන්ට අපේ ඉඩම් ගන්න දැන් ඉඩදීලා’ – හිටපු ජනපති

colombotoday

2016 විමධ්‍යගත මුදල් සත පහක් තවම දීල නෑ.. අද අපට වැඩ කරන්න සල්ලි නෑ – රෝෂාන් රණසිංහ

colombotoday

‘”භික්ෂූ විනය’ නමැති සළුව අන්දවා භික්ෂූන් මර්ධනයටයි ආණ්ඩුව මේ සැරසෙන්නේ” ගම්මන්පිල

colombotoday

යූරියා සහ තේ පොහොර මිල පහළට

colombotoday

පරිගණක පද්ධතියේ නඩත්තුව අවසන්.. ආගමන විගමන සේවා සාමාන්‍ය පරිදි

colombotoday