Colombo Today Local News

අයවැයෙන් වැඩිම මුදල ණය ගෙවීමට

මේ වනවිට ශ්‍රී ලංකාව තුළ ජාතික ආරක්ෂාව තහවුරු කර ඇති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා 2022 වසරේ අයවැය ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය.

මේ අතර රජය මුහුණ දී ඇති වත්මන් අභියෝග කිහිපයක් පිළිබඳවද අමාත්‍යවරයා සඳහන් කළා.

මත්ද්‍රව්‍ය ජාවාරම, වංචනික ව්‍යාපාර මෙහෙයුම ඉන් කිහිපයක්.

අයවැයෙන් වැඩිම මුදල වෙන්කර ඇත්තේ ණය ගෙවීම සඳහා බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

මෙම රජය බාර ගන්නා විට රාජ්‍ය ණය රුපියල් බිලියන 13,032ක් බව ද කියා සිටියේය.

“වෙළෙඳ භාණ්ඩ අපනයනය දිරි ගැන්වීම මගින් විදෙස් අදායම වර්ධනය කරගත හැකිය. සංචාරක ව්‍යාපාර දියුණු කිරීම සහ ආනයන ආදේශන නිෂ්පාදනය සඳහා වැඩි ඉඩකඩක් අවශ්‍යයි. ඝෘජු විදෙස් ආයෝජන ගෙන්වා ගත යුතුයි.”

ඉදිරි දශකය තුළ රට තුළ වැඩිහිටි ජනගහණය වර්ධනය වෙයි.

“රාජ්‍ය ව්‍යවසායන් 300ක් පමණ තිබෙනවා. වාර්ෂිකව ඒවා වෙනුවෙන් රුපියල් බිලියන 75ක් වියදම් කරනවා”.

“විවිධ මාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේ ඉදිරිපත් කළ යෝජනා අයවැය සැකසීමේදී සැලකිල්ලට ගත්තා.”

Related posts

ගූගල් බැලුන්, නොමිළේ Wi-Fi දැන් ඒ කතා ඉවරයි.. පාසල් අධිවේගී අන්තර්ජාලයත් අවුල් ජාලයක් වෙයි

colombotoday

කිලිනොච්චියේ පුද්ගල ඝාතනයක්

colombotoday

රනිල් පන්නා කරු,සජිත් අගමැති කරන්න තිරය පිටුපස මෙහෙයුමක්… විශ්වාසභංගයකුත් ලෑස්තියි !

colombotoday

හදිසි විදුලි බිඳවැටීම යථා තත්ත්වයට

colombotoday

අගමැති විපක්ෂයෙන් විශේෂ ඉල්ලීමක් කරයි

Admin

තව්හීද් නැමදුමක් සඳහා ක්‍රීඩාංගනයක් කොළඹ නගර සභාවෙන් ලබා දෙයි

colombotoday