Colombo Today Local News

ගවයන් බදින්න ගිය දෙදරු පියකුගේ මළ සිරුර මාළු දැලක පැටලි එයි

මහව, කරඹේ කුලසැන්දෑව වැවෙහි එළන ලද මාළු දැලක පැටලි තිබූ පුද්ගල මළ සිරුරක් සොයාගත් බව මහව පොලීසිය සඳහන් කරයි.

එම මළ සිරුර කරඹේ,කුලසැන්දෑව ග්‍රාමයේ ම වෙසෙන හතළිස් දෙහැවිරිදි වියේ පසු වු ආර් .එම් .සිසිර කුමාර රත්නායක නමැති දෙදරු පියාගේ බවට පරීක්ෂණවලදි හඳුනාගෙන තිබෙන බවත් පොලීසිය පවසයි.

පසුගිය 29 වැනි දා ගවයන් බැදිමට යන බව නිවැසියන්ට පවසා එම පුද්ගලයා නිවසින් පිටවගොස් ඇති අතර එදින නිවසට නොපැමිණීම නිසා රාත්‍රී කාලයේත්, පසු දිනත් ඔහු ගැන සොයා බලා ඇති බවත් පොලීසිය සඳහන් කර ඇත.

අනතුරුව මාළු දැලක පැටලි තිබූ එම මළසිරුර තිස් වැනිදා රාත්‍රී ගම්මුන් දැක වැවෙන් ගොඩට ගත් බව පැවසේ.

ගල්ගමුව නැගෙනහිර දකුණු කෝරළයේ හදිසි මරණ පරීක්ෂකවරයා ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළ බවත් සිරුර ඥාතීන් හඳුනා ගත් බවත් පොලිසිය පවසයි.

Related posts

මෙරට පුද්ගලයින් ලක්ෂ 96ක් දරිද්‍රතාවයෙන් පෙළෙන බවට අනාවරණයක්

colombotoday

අද මධ්‍යම රාත්‍රියේ සිට සහල් සඳහා උපරිම මිලක්

colombotoday

හිස්බුල්ලා දිවයින පුරා ඉඩම් අක්කර 3000ක් අරන්. CID විමර්ශනයෙන් හෙළිවෙයි !

colombotoday

පාස්කු ප්‍රහාරය ගැන සොයන්න එංගලන්ත ආරක්ෂක අංශ පිරිසක් දිවයිනට

colombotoday

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු ගැන එජාපයේ මතය ඇමති හරින් කියයි

colombotoday

සෝමා එදිරිසිංහ දිවි සැරිය නිම කරයි

colombotoday