Colombo Today Local News

බෙදුම්වාදයට එරෙහිව රටවල් 10ක විදෙස්‌ගත ශ්‍රී ලාංකික දේශප්‍රේමීහු එක්ව නැගී සිටිති

* කොටි යුද අපරාධ 300 කට වඩා කර තිබෙනවා. ඒ ගැන ජාත්‍යන්තර ප්‍රජාව නිහඬයි

* ගෝලීය ද්‍රවිඩ සංසදයට එරෙහිව ක්‍රියාකනවා ගෝලීය ලාංකික සංසදය

වසර ගණනාවක්‌ තිස්‌සේ විදෙස්‌ ගත ශ්‍රී ලාංකික දේශප්‍රේමී ජනතාව රටවල් දහයක සිට ඊළම් ඩයස්‌ පෝරාවට එරෙහිව සටන්වැදූත වන්නි මෙහෙයුම සමයේ ඊළම් ඩයස්‌පෝරාව ශ්‍රී ලංකාවේ හමුදාවට එරෙහිව සාවද්‍ය ප්‍රචාර දියත් කරද්දී ශ්‍රී ලාංකික දේශප්‍රේමීන් පියවර රැසක්‌ ගනු ලැබීය.

මේ පසුබිම මැද මේ ශ්‍රී ලාංකික දේශප්‍රේමීහු මුල්වරට පසුගිය බ්‍රහස්‌පතින්දා (22දා) කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී මාධ්‍ය අමතමින් සිය අරමුණු හෙළි කළහ. බ්‍රිතාන්‍ය ප්‍රංශය ජර්මනිය, ස්‌විට්‌සර්ලන්තය, ඉතාලිය, කැනඩාව, ඇමරිකාව, එමීර් රාජ්‍යය, දකුණු කොරියාව සහ ජපානය යන රටවලින් පැමිණි මේ දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයන් ඉතාලියේ වෙරෝනා නගරයේ සිට ක්‍රියාත්මක වන ගෝලීය ශ්‍රී ලාංකික සංසදය නියෝජනය කරමින් තම අරමුණ හෙළි කරනු ලැබීය.

“අපේ මූලික අරමුණ මෙරට ඒකීය භාවය වනසා බෙදුම්වාදය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන පිරිස්‌වල දුෂ්ට ක්‍රියාව පරාජය කිරීම” යෑයි ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ ශ්‍රී ලාංකික සම්බන්ධීකරණ නීතිඥ නුවන් බෙල්ලන්තුඩාව මහතා කියා සිටියේය.

“අපි ජනාධිපතිතුමා හමු වී විදෙස්‌ ගත ශ්‍රී ලාංකිකයන් යෝජිත ව්‍යවස්‌ථාව පිළිබඳව සිය විරෝධය පළ කරන බව කියා සිටියා.” යෑයි ඔහු පළ කළේය.

යෝජිත ව්‍යවස්‌ථාව පිළිබඳ ලාල් විඡේනායක වාර්තාවට අපි ඉදිරිපත් කළ යෝජනා කිසිසේත් ඇතුල් කර තිබුණේ නැහැ යෑයි හෙතෙම සඳහන් කළේය.

වසර 30 ක ත්‍රස්‌තවාදය නැති කිරීමෙන් පසු බන්දේසියක තබා රට කැබලි කිරීමට ඉඩදිය නොහැකියි යෑයි නීතිඥ බෙල්ලන්තුඩාව මහතා කියා සිටියේය. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සංශෝධනය කිරීමට රජයට ජනවරමක්‌ නැහැ. අපි ඒ බව ජනාධිපතිතුමාට කියා සිටියා යෑයි ඒ මහතා අවධාරණයෙන් පළ කළේය.

ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ ප්‍රධානතම ක්‍රියාකාරියකු වූ අජන්ත ප්‍රේමරත්න මහතා කරුණු දක්‌වමින් පැවසූවේ ගෝලීය ද්‍රවිඩ සංසදයට හා බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදයට එරෙහිව ගෝලීය ශ්‍රී ලාංකික සංසදය යුද වදින බවයි. කොටි සංවිධානය යුද අපරාධ 300 කට වඩා සිදු කර තිබෙනවා. ඒ ගැන කිසිවෙක්‌ හඬ නඟා නැහැ, යයි හෙතෙම පළ කළේය.

අපි ජාත්‍යන්තර ප්‍රජාව හමු වී සත්‍ය තත්ත්වය හෙළි කරනවා. මෙයට පෙර ශ්‍රී ලංකාවේ කිසිදු පාර්ශවයක්‌ ජාත්‍යන්තරය දැනුවත් කළේ නැහැ. එසේම ඇමරිකාවේ නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමු වී කරුණු ඉදිරිපත් කිරීමටද අපි ක්‍රියා කරනවා යෑයි හෙතෙම පළ කළේය.

ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විදෙස්‌ ගත නියෝජිතයන් කොළඹ පැමිණ මෙරට ඒකීයභාවය වැනසීමට සහ බෙදුම්වාදයට ඉඩ නොදෙන ලෙස තරයේ පැවසීම නිසා කොළඹ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියා කාරීහු දැඩි ලෙස කලබලයට පත් වී ඇත.

මෙම ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ මාධ්‍ය සාකච්ඡාව යෝජිත ව්‍යවස්‌ථා අනුකමිටු වාර්තා නිර්දේශ ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන රාජ්‍ය නොවන සංවිධානවලට එල්ල වූ අතුල් පහරක්‌ විය. ව්‍යවස්‌ථා අනුකමිටු නිර්දේශ යටතේ ශ්‍රී ලාංකාවේ පොලිසිය කැබලි 9 කට කැඩෙන අතර පළාත්බද පොලිස්‌ ඒ ඒ පළත් නමින් හැදින්වේ. එසේම එම පළාත් පොලිසි පොලිස්‌ කොමසාරිස්‌වරයකු යටතේ ක්‍රියාත්මක වේ.

ජාතික ආරක්‍ෂාවට සම්බන්ධව ව්‍යවස්‌ථාදායක අනුකමිටුව සඳහා රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරියකු ද නිර්දේශ ඉදිරිපත් කර තිබුණි. ඔහුට ඇත්තේ සුද්දෙකුගේ නමකි. තමන් දහඩිය මහන්සියෙන් උපයාගත් වැටුපින් කොටසක්‌ සිය මව්බිම වෙනුවෙන් වැය කිරීමේ උත්කෘෂ්ඨ ක්‍රියාවක්‌ ලෙස සලකමින් රටවල් 10 ක සිට ශ්‍රී ලංකාවට පැමිණි ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ නියෝජිත කණ්‌ඩායම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ පැවැති සාකච්ඡාවේදී දැඩිව පැවසූවේ ශ්‍රී ලංකාවේ ඒකීය මතවාදය කිසිසේත් වෙනස්‌ කිරීමට විදේශ ලාංකික ජනතාව ඉඩ නොදෙන අතර අනුකමිටු නිර්දේශ සියල්ල ප්‍රතික්‍ෂේප කරන බවයි.

මෙහිදී නීතිඥ නුවන් බෙල්ලන්කුඩාව මහතා ප්‍රමුඛ නියෝජිත කණ්‌ඩායම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ පැවැති සාකච්ඡාවේදී හෙළි වූ කරුණු එකින් එක මෙහි සඳහන් වේ.

1. ව්‍යවස්‌ථා සංශෝධන අනුකමිටුවලින් සිදු කළ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන අතර එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඉඩ නොදෙන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රතිඥාදීම

2. මෙම නිර්දේශ පාර්ලිමේන්තුවේදී විවාදයට නොගැනීම

3. සෙනෙට්‌ සභාවක්‌ ස්‌ථාපිත කිරීමට හා ආණ්‌ඩුකාරවරුන්ගේ බලය අඩු කිරීමට අනුකමිටුවලින් නිර්දේශවී තිබෙන බව හෙළිවීමත් ඊට ඉඩ නොදෙන බව ජනාධිපතිවරයා පැවසීම.

4. අනුකමිටු විසින් ඉදිරිපත් කර ඇත්තේ නිර්දේශ පමණක්‌ බව ජනාධිපතිවරයා පැවසීම.

සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී මෙම මාධ්‍ය සාකච්ඡාව පැවැත්වෙන අතරේ එම සාකච්ඡාවට ඇරයුම් නොලැබ පැමිණි පාර්ශවයක්‌ තම ජංගම දුරකථනයේ පටිගත කිරීමේ උපංගය ක්‍රියාත්මක කර එය පටිගත කරන අයුරු අපට දැකගත හැකි විය.

1. ව්‍යවස්‌ථා සංශෝධන අනුකමිටුවලින් සිදු කළ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන අතර එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඉඩ නොදෙන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රතිඥාදීම

2. මෙම නිර්දේශ පාර්ලිමේන්තුවේදී විවාදයට නොගැනීම

3. සෙනෙට්‌ සභාවක්‌ ස්‌ථාපිත කිරීමට හා ආණ්‌ඩුකාරවරුන්ගේ බලය අඩු කිරීමට අනුකමිටුවලින් නිර්දේශවී තිබෙන බව හෙළිවීමත් ඊට ඉඩ නොදෙන බව ජනාධිපතිවරයා පැවසීම.

4. අනුකමිටු විසින් ඉදිරිපත් කර ඇත්තේ නිර්දේශ පමණක්‌ බව ජනාධිපතිවරයා පැවසීම.

කීර්ති වර්ණකුලසූරිය

Related posts

හදිසි නීති රෙගුලාසි බලාත්මක කිරීමේ යෝජනාව සම්මතයි

colombotoday

සයිටම් දෙමාපිය සංගමය අද ජනපති හමුවෙයි

colombotoday

සංවිධානාත්මක අපරාධ කල්ලි වලට සම්බන්ධ පුද්ගලයින් 16 දෙනෙකු සිදුකල විශේෂ මෙහෙයුම් වලදී අත්අඩංගුවට

Admin

අධික වැසි සමග ගංගා දෙකක ජල මට්ටම අවදානම් වෙයි

Admin

නායකත්වය සමග ගැටී කවුරුත් දිනුවේ නෑ – රනිල් එජාප පොඩ්ඩන්ට කියයි

colombotoday

කාබනික පොහොර නිෂ්පාදනය සදහා ලියාපදිංචි වී ඇති ගොවීන්ට 7500ක්

colombotoday