Colombo Today Local News

අටුළුගම සංචරණ සීමා ඉවතට

පුරා මාස දෙකට අධික කාලයක් සංචරණ සීමා පණවා තිබූ බණ්ඩාරගම අටලුගම ඇතුළු ග්‍රාම සේවා වසම් වල සංචරණ සීමා ඉවත් කිරීමට අද (27)දින අලුයම කටයුතු කෙරිණි.

ඒ අනුව බෝගහවත්ත, බමුණුමුල්ල 659 බි, කොළ මැදිරිය, බමුණුමුල්ල 660, අටලුගම නැගනහිර, අටලුගම බටහිර, කොරාවල, එපිටමුල්ල සහ ගල්ගේ මණ්ඩිය ජන ග්‍රාමසේවා වසම් නමයේ සංචරණ සීමාවන් ඉවත් කෙරිණි.

ඉකුත් නොවැම්බර් 17 වැනිදා අටලුගම ප්‍රදේශයෙන් එකවර කොරෝනා ආසාදිත රෝගීන් 17 දෙනෙකු හමු වීමත් සමගම එම ප්‍රදේශයට සංචරණ සීමාවන් පැනවිය.

අටුලුගම අලොතියාව ප්‍රධාන පොලිස් මුරපොළ හරහා ගමන් කිරීමට පැමිණි පුද්ගලයෙකු ඔවුන් වෙනුවෙන් දිවා රෑ කැපවී සේවය සැලසූ ආරක්ෂක හමුදාවන්ට සෞඛ්‍ය අංශයට අටුලුගම මුස්ලිම් ජනතාව වෙනුවෙන් ප්‍රණාමය පුද කළහ.

Related posts

“එඩේරමුල්ල” නාමය “අක්බාර් ටවුන්” ලෙස ගැසට් කරලා… ප්‍රදේශය නොසන්සුන් !

colombotoday

තිරිඟු පිටි මුවාවෙන් ගෙන්වූ ලක්ෂ 64ක උඳු පිටි තොගයක් රේගු දැලේ

colombotoday

රනිල් පොරොන්දු වුන වැටුප් වැඩිකිරීම ගැන සමාලෝචනයක්

Admin

පොලිස්පතිට එරෙහි වාරණ නියෝගය නීතියෙන් වලංගු නොවන බව අගමැති කියයි

Admin

සිංහල දරු සංහාරක චූදිත සාෆිට නැවත රැකියාව දෙන්නැයි රාජ්‍ය සේවා කොමිසම සෞඛ්‍ය අමාත්‍යාංශයට දන්වයි !

colombotoday

“ජනාධිපති මාමේ.. අවුරුද්දට කලින් අපේ තාත්තා ගෙදර එවන්න” සිරගත රණවිරුවකුගේ දරුවා කරන කාරුණික ආයාචනය

colombotoday