Colombo Today Local News

නැගෙනහිර පුරාවිද්‍යා උරුමය මකර කටේ.. පුරවිද්‍යා දෙපාර්තමේන්තුව වගකීමෙන් කර අරී (Video)

මඩකලපුවේ සිංහල ජනතාව මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් සොයා බැලීම සදහා බුද්ධ ශාසන අමාත්‍ය විජේදාර රාජපක්ෂ මහතා සහ බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා ඇතුළු නිලධාරීන් පිරිසක් අද මඩකලපුවේ සංචාරයක නිරත විය.

මඩකලපුව මංගලාරාමයේදී ඇමතිවරයා සමග මංගලාරාමාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි, බොදු බල සේනා, සිංහල රාවය, සිංහලේ ඇතුළු ජාතික සංවිධාන කිහිපයක නියෝජිතයන් සාකච්ඡාවක නිරත විය. ඉන් අනතුරුව ඇමතිවරයා සහ පිරිස අන්තවාදීන් පිරිස් විසින් විනාශ කර ඇති මඩකලපුව ප්‍රදේශයේ පුරාවිද්‍යාස්ථාන නිරීක්ෂණය කෙරිණි,

ජාතික සංවිධාන නියෝජිතයන් මඩකලපුව චෙන්කලඩි ප්‍රදේශයේ විනාශකර දමා ඇති ඉපැරණි චෛත්‍යක් පිළිබදව සොයා බැලීමට ගිය අතර, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නිසි පරිදි රාජකාරි ඉටු කර නොමැති බවත්, එම ස්ථානය ඇතුළු බොහෝ පුරාවිද්‍යත්මක ස්ථාන විනාශවීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඇල්මැරුණු ක්‍රියාකලාපයද හේතු වී ඇති බව එහිදී හදුනාගැනීමට හැකිවිය.

අදාළ පුරාවිද්‍යා රක්ෂිතවල සීමාවන් නිසි පරිදි පෙන්වා දෙනවානම් එම ස්ථාන රැකගැනීමට ක්‍රියාකළ හැකි බවද පොලිස් නිලධාරීන් එහිදී පෙන්වා දුන්හ.

Related posts

ත්‍රිවිධ හමුදාව සීරුවෙන් තබන්නැයි අගමැති උපදෙස් දෙයි…

colombotoday

සීනි කන්ටේනරයෙන් කෝටි 300ක කුඩු මතුවෙයි !

colombotoday

“ජිනීවා යෝජනාවට අනුව කටයුතු කරන්න අප බැඳී සිටිනවා” අගමැති චැනල් 4ට කියයි

colombotoday

සුනිල් පෙරේරාගේ අභාවය ගැන ජනපති සහ අගමැති තැබූ සාතිශය පණිවුඩ

colombotoday

ශ්‍රීලනිපය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය රනිල් පරාජය කරන්න තීරණය කරයි

colombotoday

ටික්ටොක්, Facebook ඇවිත් පොලිසියේ කීර්තියට හානි කරන නිලධාරීන්ට දැඩි දඬුවම්

colombotoday