Colombo Today Local News

ලසන්ත සමග දුරකථන සංවාදයේ හඩ පටය ගැන මහින්ද කතා කරයි

හිටපු ජනාධිපතිවරයා සහ ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග අතර සිදුවූ බව පැවසෙන දුරකථන සංවාදයක හඬ පටයක් අන්තර්ජාලයට නිකුත්වී ඇති අතර එහි “යම් සත්‍යයක්” ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පිළිගත්තේය.

2008 වසරේ සිදුවූ බවට පළවී ඇති මෙම දුරකථන සංවාදය පිළිබඳව අද ( 21) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් විමසීමක් කළහ.“යම් කිසි සත්‍යයක් තියෙනවා, මම කතා කරනවනේ එයාට, මට මතක නැහැ ඕක කතා කරාද කියලා, නමුත් එතුමත් එක්ක මම නිතරම කතා කරනවා ඒක අලුත් දෙයක් නෙවෙයි” යනුවෙන් හිටපු ජනාධිපතිවරයා පිළිතුරු දුන්නේය.

කතාකරන සියළු දේ පටිගතකිරීමේ පුරුද්දක් මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගට තිබුණු බව හිටපු ජනාධිපතිවරයා පැවසුවේය.රජයේ කටයුතු පිළිබඳව සහ සන්ඩේ ලීඩර් පුවත්පතේ එවකට පළකළ ලිපියක් ගැන ඇතිවූ සුහද සංවාදයක් එම හඬ පටයේ ඇතුළත් වේ.

BBC

Related posts

නගරබද විහාරස්ථාන වලින් ලංවිමට මිලියන 29ක් පොලු – මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් හෙළිදරව්වක්

colombotoday

අනුන්ගේ පොත් හොරට මුද්‍රණය කර විකුණා මාට්ටු.. සන්නස්ගලට සිතාසි

colombotoday

මැණික් තොගයක් සමඟ පුද්ගලයෙක් වටලයි

colombotoday

චමෝදිගේ මරණය යළි සිහිකරමින් තවත් රෝගියෙක් ඖෂධයක් ලබාගැනීමෙන් පසු මිය යයි

Admin

සයිනොෆාම් එන්නත් තොගයෙන් මාත්‍රා 125,000 ක් දිස්ත්‍රික්ක 3ක ජනතාවට වෙන් කරයි

colombotoday

ජනපති නිවේදන අභියෝගයට ලක් කළ නොහැකියි – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

colombotoday