Colombo Today Local News

දැරියක දම්වැල්වලින් බැඳ කුකුළු කූඩුවක දමලා | පියා සහ නැන්දා අත්අඩංගුවට

දාහතර හැවිරිදි බාලවයස්කාර දැරියක දම්වැල්වලින් බැඳ කුකුළු කූඩුවක හිරකර තැබූ බවට චෝදනාවට එම දැරියගේ පියා සහ පියාගේ සොහොයුරිය නොරච්චෝලේ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

බලු දම්වැල්වලටත් වඩා විශාල දම්වැලකින් බැඳ තිබියදී දම්වැල් ගලවාගෙන පැමිණ අසල නිවසකින් කෑම ඉල්ලා සිටියදී පොලිසියට ලද තොරතුරක් මත නොරොච්චෝලේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලන්ත බණ්ඩාර ඇතුළු කණ්ඩායමක් දැරිය මුදාගෙන සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම දැරියගේ මව ආසන්න නිවසක වෙනමම ජීවත්ව සිට ඇති අතර ඇයට තවත් දරුවන් තිදෙනකු සිටින බවත් දැරිය මුරණ්ඩු නිසා වසර හතක සිට පියාගේ සොහොයුරියගේ නිවසේ තබාගෙන සිටින බවත් හෙළි වී ඇත.

මෙම දැරිය කොතරම් කෑම බීම දුන්නත් අවට නිවෙස්වලට පවා ගොස් කෑම හොරෙන් කන බවත්, මුල් කාලයේ පාසල් ගියද මුරණ්ඩුකම නිසා හදාගත නොහැකිව නැන්දා ළඟ සිටි බවත් පියා පවසා ඇත.

පොලිසිය භාරයට ගන්නා විටත් තුවාල සහිතව සිටි දරුවා රෝහල්ගත කර තිබේ.

දැරිය කෲරත්වයට පත්කිරීමේ චෝදනාවලට පියා සහ නැන්දා අධිකරණයට ඉදිරිපත් කළ පසු අගෝස්තු 2දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

අධිකරණ නියෝග මත පරිවාස නිලධාරියා වෙත මෙම දැරියගේ වගකීම පැවැරීමට නියමිතය.

Related posts

ජවිපෙ 20 ගේන්නේ බෙදුම්වාදී වස කුප්පිය ජනතාවට පොවන්නයි

colombotoday

පුපුරණ ද්‍රව්‍ය විශාල තොගයක් සමග හිටපු කොටි නායකයෙක් අත්අඩංගුවට

colombotoday

පුන්නක්කු මිලත් නගී.. කිරි දෙනුන් සීරුවෙන්.. කිරි ගොවීන් අවුලෙන් !

colombotoday

රටට අවශ්‍ය දරදඩු පාලකයෙක්ද ? – රට්ටු කියන කතා මෙන්න (Video)

colombotoday

ISIS ත්‍රස්තයන් ලංකාවෙන් සාමාජිකයන් බදවා ගන්නා හැටි ඉන්දීය මාධ්‍ය හෙළිකරයි

colombotoday

ජාතික ආරක්ෂාව කමිටුවෙන් සරත් ෆොන්සේකා ඉවත් වෙයි

Admin