Colombo Today Local News

“සහල් හිගයක් නෑ.. මහා පරිමාණ මෝල් හිමියන්ට ජනතාව හූරා කන්න ඉඩ දීලා“ ගොවි සංවිධාන රජයට යුධ ප්‍රකාශ කරයි

රටේ කිසිදු වී හෝ සහල් හිඟයක් නොමැතිව තිබියදී ඉතා සූක්ෂම ලෙස හිඟයක් මවාපාමින් රජය මහා පරිමාණ මෝල් හිමියන්ට ජනතාව සූරාකෑමට ඉඩ ලබාදී ඇති බව සුළු හා මධ්‍ය පරිමා‍ණ වී මෝල් හිමියන් සහ සමස්ත ලංකා ගොවිජන සම්මේලනය චෝදනා කරයි.

ඔවුන් මේ බව ප්‍රකාශ කළේ ඊයේ (19) දින දඹුල්ල නගරයේදී පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.

මෙහිදී මාධ්‍ය ඇමතූ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා ප්‍රකාශ කළේ මහා පරිමාණ වී මෝල් කිහිපයක අවශ්‍යතාව පරිදි වී අලෙවි මණ්ඩලය ක්‍රියා කරන බැවින් අද සහල් මිල විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බවයි. එමෙන්ම රටේ සහල් හිඟය හා වී හිඟය කෘතිමව ඇතිකර පාරිභෝගික ජනතාවත් කුඩා පරිමාණ වී මෝල් හිමියාත් සූරාකෑමකට ලක්කර ඇති බව ඔහු පවසා සිටියේය. මහා පරිමාණ මෝල් හිමියන් වී මෙට්‍රික් ටොන් ලක්ෂ 15කට වඩා වැඩි ප්‍රමාණයක් සඟවාගෙන සිටින බවත් ඔහු පෙන්වා දුන්නේය.

එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පොළොන්නරුව එක්සත් සහල් නිපදවන්නන්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා මහතා සඳහන් කළේ පාරිභෝගික නීතිය යටතේ සහල් මිල ඉහළ දැමීමට නොහැකි බවයි. උපරිම මිල රජය මඟින් ගැසට් කර තිබෙන බැවින් නාඩු සහල් කිලෝව අ‍ලෙවි කළ හැකි මිල රුපියල් 68 ක් හා සම්බා කිලෝව අ‍ලෙවි කළ හැකි මිල රුපියල් 77ක් බවත් ඔහු පැවසීය. එහෙත් රජයේ වී සඳහා සහතික මිලත් සමඟ නාඩු සහල් කිලෝවක් රුපියල් 80කටත්, සම්බා සහල් කිලෝවක් 85ක් දක්වාත් පාලනය කිරීමට හැකියාව තිබෙන බව ද ඔහු අවධාරණය කළේය.

වී අ‍ලෙවි මණ්ඩලය විසින් ඉතා සූක්ෂම ලෙස රජය සතු වී තොග මහා පරිමාණ මෝල් හිමියන්ට ලබාදීමේ සැලසුමක් ක්‍රියාත්මක කරමින් සිටින බවත් එම මෝල් හිමියන් මේ වනවිට විශාල වී තොග ගොවීන්ගෙන් මිලදී ගෙන ගබඩා කරගෙන වැඩි මිලයට හාල් අලෙවි කිරීමට කටයුතු කරන බවත්ය මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමස්ත ලංකා සුළු හා මාධ්‍ය පරිමාණ වී මෝල් කරුවන්ගේ සහ වී තොග රැස්කරන්නන්ගේ සංවිධානයේ සාමාජිකයන් පවසා සිටියේය.

Related posts

තාජුඩීන් පැහැරගත් ඩිෆෙන්ඩරය හොයාගත්තා, රාජපක්‍ෂ පවුලට චෝදනා, ළගදීම අත්අඩංගුවට ගන්නවා

colombotoday

කවන්න ගිය නරක්වූ සහල් කිලෝ 5500ක් වටලයි

colombotoday

දරුවාගේ පාසලට යමින් සිටි කාන්තාවකට වන අලි ප්‍රහාරයක්.

colombotoday

එකට ඉන්න එපා.. ජනපතිට – අගමැතිට ආරක්ෂක අංශ උපදෙස්

colombotoday

“සමලිංගික විරෝධී, ඉස්ලාම් විරෝධී ට්‍රම්ප් අපට එපා“ කොළඹදී විරෝධතා !

colombotoday

පාසල් දැරියක් සමූහ දූෂණයට ලක් කළැයි තිදෙනකු අත්අඩංගුවට

Admin