Colombo Today Local News

ජනපතිට ඡාත්‍යන්තර සම්මානයක්

ශ්‍රී ලංකාවේ වකුගඩු රෝග නිවාරණය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉටුකරන මෙහෙවර අගයමින් වකුගඩු රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ ජාත්‍යන්තර සංවිධානය ජනාධිපතිතුමා විශේෂ සම්මානයක් පිරිනැමීය.

ඊයේ (19දා) පස්වරුවේ කොළඹ ගෝල්ෆේස් හෝටලයේ පැවති උත්සවයකදී ජනාධිපතිවරයා වෙත මෙම සම්මානය පිරිනැමුණු අතර වකුගඩු රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ ජාත්‍යන්තර සංවිධානයේ සභාපතිනි මහාචාර්ය Adeera Levin මහත්මිය අතින් එය පිරිනැමිණි.

ශ්‍රී ලංකාවේ වකුගඩු රෝග නිවාරණය වෙනුවෙන් ජාත්‍යන්තරව දක්වන දායකත්වය අගයමින් මහාචාර්ය Adeera Levin මහත්මිය වෙත සහ වකුගඩු රෝග නිවාරණය වෙනුවෙන් ඉටු කරන දායකත්වය අගයමින් විශේෂඥ වෛද්‍ය තිලක් අබේසේකර, වෛද්‍ය ජෝරිජි ඒබ්‍රහම්, වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකායේ අධ්‍යක්ෂ අසේළ ඉද්දවෙල යන මහත්වරුන් වෙත උපහාර තිළිණ පිරිනැමීම ද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු විය.

Related posts

ආවා කල්ලිය යාපනයේ පොලිස් නිලධාරියකුගේ නිවසක් මංකොල්ල කයි

colombotoday

කොළඹ හෝටල් තුනකටත් බෝම්බ ප්‍රහාර….

colombotoday

තිළිණි ප්‍රියමාලී ට අයත් ගිණුම් හතරක සවිස්තර වාර්තා ඉල්ලයි

Admin

පළමු ප්‍රතිපලයෙන් ගෝඨාට ජය

colombotoday

ජාත්‍යන්තරයට ගිහින් මුසාවාදා කියන්නේ නැතුව මැතිවරණය තියන්නැයි සජිත් ආණ්ඩුවට අභියෝග කරයි

colombotoday

හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවයි

colombotoday