Colombo Today Local News

2020 දී සියළුම විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ටත් ඡන්ද වරම්

7700d10571ac78dd4441af12277ad3da_L2020 වසරේ මහමැතිවරණය වනවිට විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ටත්, ජනමාධ්‍ය, සෞඛ්‍ය සේවා ඇතුළු අත්‍යාවශ්‍ය සහ හදිසි සේවාවල නිරත පිරිසටත් තම සේවා ස්ථානවල සිටම ඡන්දය ප්‍රකාශ කිරීමට ඉඩ ලැබෙන වැඩපිළිවෙලක් සකස් කරන බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කරයි.

සභාපතිවරයා මේ බව පැවසුවේ පසුගියදා මැතිවරණ කොමිසන් සභා ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවකදීය.

මැතිවරණ දිනයේදී විශේෂ රාජකාරිවල යෙදී සිටින පිරිසට එක් පොදු ස්ථානයකදී ඡන්දය දීමටත් සියලු දෙනාටම සහන සැලසෙන වැඩපිළිවෙලක් කෙරෙහිත් අවධානය යොමුකර ඇතැයි සභාපතිවරයා එහිදී පැවසීය.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ සංඛ්‍යාව ලක්ෂ 15කට වඩා වැඩි බවත් ඔවුන්ට ඡන්දය දීම සඳහා අවස්ථාවක් උදාකරදීම සම්බන්ධයෙන් සංවාදයක් ඇතිවියයුතු බවත් කී දේශප්‍රිය මහකා විදෙස්ගත ශ්‍රමිකයින්ගේ නම් ඡන්ද නාම ලේඛණයට ඇතුළත් කිරීමට නිවැසියන් කටයුතු කිරීමේ වැදගත්කම ද පෙන්වා දුන්නේය.

එමෙන්ම ආදිවාසීන්, ස්ථිර පදිංචියක් හෝ ලිපිනයක් නොමැති පුද්ගලයින්ට ද මැතිවරණ පද්ධතියට ඇතුළත් කර ගැනීමට අවශ්‍යය කටයුතු සකසමින් සිටින බව ද දේශප්‍රිය මහතා  වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

Related posts

කල්දේරම් බතේ රස බැලු ඇමතිවරිය

colombotoday

පාර්ලිමේන්තුවට ඉදිරිපත්කළ බැදුම්කර කොමිෂන් වාර්තාවේ නිර්දේශ මෙන්න

colombotoday

ආණ්ඩුවේ අභ්‍යන්තරයට අභියෝග එල්ල කරන්නන් ගැන අභයාරාමයේදී පක්ෂ 8ක නායකයින් සාකච්ඡා

colombotoday

ජිනීවා ගිය ශ්‍රී ලංකා නියෝජිතයෝ මිචෙල් බැචලේ හමුවෙති

colombotoday

වැඩවර්ජනය නැවතී වෘත්තිය සමිති නායකයන් අගමැතිගේ සාක්කුවට වැටුනේ මෙහෙමයි

colombotoday

සැක කටයුතු පුද්ගලයෙක් නිසා හොරණ පාසලක් නොසන්සුන් වෙයි…

colombotoday