Colombo Today Local News

දුමින්දගේ ඉරණම තීන්දු කරන භාරත ඝාතන නඩුවේ අවසන් තීන්දුව තව පැය කිහිපයකින්

භාරත ලක්‍ෂමන් මහතා ඇතුළු සිව් දෙනාට වෙඩි තබා ඝාතනය සිදු කළ බවට හිටපු පාර්ලිමෙන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු0 විත්තිකරුවන් දහතුන්දෙනෙකුට එරෙහි නඩුවේ තීන්දුව ප‍්‍රකාශයට පත් කෙරෙන අද (08දා) දිනයේදී කොළඹ මහාධිකරණයට හා ඒ අවට කලාපයට විශේෂ ආරක්‍ෂාවක් ලබාදීමට පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

පොලිස් විශේෂ කාර්ය බළකා සෙබලුන් ඇතුළු ආයුධ සන්නද්ධ පොලිස් නිලධාරීන් යොදවා කොළඹ මහාධිකරණය හා ඒ අවට ප‍්‍රදේශයට විශේෂ ආරක්‍ෂාව සැළසීමට උසස් නිලධාරීන් පියවර ගෙන ඇතැයිද වාර්තා වේ.

ආරක්‍ෂක පියවරක් වශයෙන් අධිකරණ වලට අවශ්‍යම මෙන්ම නඩු කටයුතු වලට සම්බන්ධිත පුද්ගලයින් පමණක් කොළඹ මහාධිකරණය පරිශ‍්‍රයට ඇතුල් කර ගැනීමට බලධාරීන්  විසින් තීරණය කොට ඇතැයිද වාර්තා වේ.

 

Related posts

හිජාස් හිස්බුල්ලා ගැන ඉදිරිපත් කළ පෙත්සම ඉල්ලා අස්කර ගනී

colombotoday

සමාජ මාධ්‍ය ජාලා අවහිරවෙයි

colombotoday

රජීව් ගාන්ධි ඝාතන සැකකරු ජීවිතකශයට

Admin

වව්නියාවේ සිංහල ජනතාවට ඡන්ද අයිතියත් අහිමිකරයි.. ඡන්ද විමසීමේ ආඥා පනතෙන් සිංහල ගම්මාන ඉවතට

colombotoday

ප්‍රීමා සමාගම විසින් තිරිගු පිටි මිල ඉහළ දැමීම අනීතිකයි – වැඩි මිලට තිරිගුපිටි මිලදී ගැනීමෙන් වළකින්න.

colombotoday

විමල්ගේ උපන්දින සාදය – Photos

colombotoday