Colombo Today Local News

ශ්‍රීලනිප ඇමතිලාට එරෙහිව එජාපය සටන අරඹයි !

slupf to unpශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් මැති ඇමතිවරුන් එල්ල කරන විවේචනවලට එරෙහි ‘සංග්‍රාමය’ මෙවක් පටන් ආරම්භ කරන බව එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු පවසති.

එය පෙරේදා (08) පැවැති එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ගනු ලැබූ තීරණයකි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුද විසඳා ගැනීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වගකීමක් බැවින් ඒ සම්බන්ධයෙන් සිය පක්ෂයට දොස් නැගීම කිසිසේත්ම සාධාරණ නොවන බවත් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ (09) කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් සඳහන් කළහ.

විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් පෙරේරා රාජ්‍ය ඇමතිවරයා ඇතුළු පිරිස් මෑතදී එල්ල කළ චෝදනා කෙරෙහි මාධ්‍ය හමුවේ ප්‍රධාන අවධානය පළ වී තිබුණි.

පසුගිය ජනපතිවරණයේදී කිසියම් ලෙසකින් මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කළේ නම් ඩිලාන් පෙරේරා ඇමතිවරයාට මේ ආකාරයෙන් නිදහසේ අදහස් පළකිරීමට අවස්ථාව සැලසෙනු ඇති දැයි මුජිබර් රහ්මාන් මන්ත්‍රීවරයා මෙම මාධ්‍ය හමුවේදී ප්‍රශ්න කළේය.

යහපාලන රජය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ ඇමැතිවරුන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටින ආකාරය පිළිබඳව කිසිසේත්ම සෑහීමකට පත්විය නොහැකි යෑයි එජාප මන්ත්‍රීවරුන් චෝදනා කළේය.

[fbvideo link=”https://www.facebook.com/UNPofficialpage/videos/1226079387428110/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

උසස් පෙළ උපකාරක පන්ති අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම්

colombotoday

නෙවිල්ගේ රෝහල රජයට පැවරුවාද? බද්දට ගත්තාද?.. ගිවිසුමේ පිටපතක් ගම්මන්පිල හොයයි !

colombotoday

කලාශූරී එඩ්වින් ආරියදාස අභාවප්‍රාප්ත වෙයි

colombotoday

තත්වය දරුණ අතට… සෞඛ්‍ය ඇමතිටත් කොරෝනා ආසාදනය වෙලා !

colombotoday

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 350ක ණයක්

Admin

“කොළඹ කුණු රහසිගත තැනකට.. කාටවත් කියන්න බෑ“ – කොළඹ නගර සභාව

colombotoday