Colombo Today Local News

ශාසනාරක්ෂක සභාව වැලිකන්දෙන් නවතන්න.. අගමැති කාර්යාලයෙන් පොලීසියට නියෝග !

23659232අද මඩකලපුව බලා යෑමට නියමිත සිංහල බෞද්ධ ජාතික සංවිධාන කිහිපයක් එකමුතුව පිහිටුවාගත් ශාසනාරක්ෂක සභාවේ පිරිසට වැලිකන්ද නගරයෙන් එහාට යෑමට ඉඩ නොදෙන්නැයි අගමැති කාර්යාලයෙන් පොලීසියට නියෝග කර තිබෙන බව වාර්තා වනවා.

අවශ්‍ය වුවොත් අවම බලය පාව්චිච් කර පිරිස නැවත හරවා එවීමට ක්‍රියාකරන්නැයි නියෝග ලැබී ඇති බවයි පොලිස් ආරංචි මාර්ග සදහන් කරන්නේ.

මේ අතර හබරන මින්නේරිය මාර්ගයේදී තැන් කිහිපයකදී පොලීසිය විසින් ශාසනාරක්ෂක සභාවේ පිරිස ගමන්ගත් වාහනවල අංක සටහන් කරගෙන ඇති බවද වාර්තා වන අතර මඩකලපුව නගරයේ උද්ඝෝෂණ, පෙළපාලි තහනම් කරමින් පොලීසිය විසින් උසාවි නියෝගයක්ද ලබාගෙන තිබෙන බව වාර්තා වනවා.

ස්ථාන කිහිපයක පොලිස් කැරළ මර්ධන ඒකකයේ කණ්ඩායම්ද රදවා තිබෙන බවයි ආරංචි මාර්ග සදහන් කරන්නේ.

Related posts

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන 

colombotoday

නව තානාපතිවරු දහතුන් දෙනෙක් පත්කෙරේ – සංගක්කාර එංගලන්තය එපා කියයි

colombotoday

කොරෝනාවට ආයුර්වේදයේ තිබෙන බෙහෙත්

colombotoday

BBC සංදේශයට එරෙහිව දිලිත් ජයවීර ගොනු කළ අපහාස වන්දි නඩුව නිෂ්ප්‍රභයි.

colombotoday

එජාපයේ 6ක් අද නියෝජ්‍ය ඇමති ධුරවල දිවුරුම් දෙයි

colombotoday

අඩි 279ක් උස ඩෙවෝන් දිය ඇල්ලෙන් පහලට වැටුනු තරුණියක් සොයා මෙහෙයුම්

colombotoday