Colombo Today Local News

“තවත් ඉවසනු බෑ.. අපේ රතු කට්ට පනින්න කිට්ටුයි“ – හෙළඋරුමය

jhu

” අපේ ඉවසීම උපරිමයට ඇවිල්ලා තියෙන්නේ. අපේ ඉවසීම නිවටකමක්‌ කියලා හිතන්න එපා කියලා විග්නේෂ්වරන් මහතා ඇතුළු දෙමළ ත්‍රස්‌තවාදයට උඩ ගෙඩි දෙන, අයට අපි කාරුණිකව මතක්‌ කරලා දෙනවා.” යැයි ආණ්ඩුවේ පාර්ශ්වකාර පක්ෂයක් වන ජාතික හෙළ උරුමය කියා සිටියි.

ජාතික හෙළ උරුමයේ තරුණ කටයුතු අනු මණ්‌ඩලයේ ලේකම් සහ හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී තරිඳු දිලීප ගමගේ මහතා එබව පැවසුයේ එම පක්‍ෂ මූලස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ය.

සහජීවනය සංහිඳියාව, යහපාලනය වැනි වචන පාවිච්චි කර සුහදශීලී සිංහල සමාජයට රිදවන්න උත්සාහ කරන්න එපා යෑයි ත්‍රස්‌තවාදීන් උත්කර්ෂයට නන්වන්න උත්සාහ කරන සියලු දෙනාට මතක්‌ කරන බව ද ඔහු එහිදී පැවසීය.

මතු පරපුරේ සුබසිද්ධිය වෙනුවෙන් සංවර්ධනයේ මීළඟ පිම්ම පනින්න සූදානම් වන සමාජයට එම රිදවීම් බාධාවක්‌ බවද ඔහු කීවේය.

එම මාධ්‍ය හමුවේදී ඔහු මෙසේද සඳහන් කළේය.

2009 වර්ෂයේ ත්‍රස්‌තවාදය අවසන් වෙලා මේ වන විට වසර ගණනාවක්‌ ගතවෙලා තියෙනවා. හැබැයි අපට පේනවා මේ අවස්‌ථාවේ දී ත් දෙමළ ත්‍රස්‌තවාදය වෙනුවෙන් පෙනී සිටින අය අතීතය අමතක කරලා ඉස්‌සරහට යන්න කල්පනා කරන්නේ නැහැ කියලා.

ඒ හැමදෙනාම තවමත් උත්සහ කරන්නේ අ`දුරු අතීතයට, ඒ අගාධයට රට ඇදගෙන යන්න. ඒක නිසා අද මේ රට, සිංහල සමාජය බොහොම බරපතල තැනකට ඇවිත් තියෙනවා.

අද දවසේ කවුරුහරි උත්සහ කරනවා නම් දෙමළ බෙදුම්වාදයේ ම්ලේච්ඡ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් සමරන්aන අපි එය පිළිකුලෙන් හෙළා දකිනවා.

විශේෂයෙන් දෙමළ සමාජයට හා විග්නේෂ්වරන් මහත්තයාට අපි කියනවා අඩුම ගානේ තමිලිනිගේ පොත කියවලාවත් සිංහල සමාජයට දෙමළ සමාජයට යුද්ධයෙන් වූ හානිය අවබෝධ කරගන්න කියලා. පොත කියෙව්වා නම් තේරුම් ගන්න පුළුවන් සිංහල මිනිස්‌සු අනිත් මිනිස්‌සුන්ට කෙතරම් සුහදශිලීව සලකනව ද කියලා.

ඒ වගේම කවුරුහරි ප්‍රභාකරන් සමරන්න උත්සාහ කරනවිට එය පාලනය කරන්න රජය කටයුතු නොකරනවා නම් අපිටත් තරුණයෝ විදිහට සිද්ධ වෙනවා ක්‍රියාමාර්ග තෝරන්න.

මේ එහා පැත්තේ කොළඹ 04 බම්බලපිටියේ ඉන්න විග්නේෂ්වරන්ට පුළුවන් නම් උතුරට ගිහිල්ලා ප්‍රභාකරන් සමරන්න, මේ රටේ සුජාත අයිතිය තියෙන අපට රටේ ඒකීයභාවය වෙනුවෙන්, ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන්න සිද්ධ වෙනවා.

මේ සිදුවන දේවල් පාලනය නොකරන්නේ නම් බම්බලපිටියේ විග්නේෂ්වරන්ගේ ගේ ඉස්‌සරහට තරුණයෝ දහස්‌ ගණනක්‌ ගෙනල්ලා කටයුතු කරන්න අපිටත් සිද්ධ වෙනවා.

ලබන අවුරුද්දේ ජනවාරි 25 වැනිදාට දළදා මාළිගාවට බෝම්බ ගහලා වසර 25 ක්‌ සම්පූර්ණ වෙනවා. ඒ මොහොතේ ඉ`දලා මේ කොළඹ නගරයේ බෝම්බ පිපිරිච්ච හංදියක්‌ හංදියක්‌ ගානේ ස්‌ථානයක්‌ ස්‌ථානයක්‌ ගානේ, මේ රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් බෝම්බයට බිලි වුණු නිරායුධ අහිංසක මිනිස්‌සු වෙනුවෙන් අපි සැමරුම් උත්සව පවත්වනවා.

Related posts

ජනපති පෞද්ගලික සංචාරයකට සිංගප්පූරු යයි

colombotoday

දුම් බද්දේ කරුමයට පාසල් ළමුන්ටත් කරගහන්න වෙයි!

colombotoday

රජයේ ආදායම දෙගුණයකින් පල්ලම් බැහැලා.. ජාත්‍යන්තරයෙන් ණය දෙන්නෙත් නෑ.. බදු වැඩි කරේ ඒකයි” එස් බී වටවංගු නැතිව කෙළින්ම කියයි

colombotoday

ලෝක බැංකුවෙන් ලංකාවට ඩොලර් මිලියන160ක්

colombotoday

“තරග දිනන්න බඩ බාධාවක් නොවේ.. බල්ලගෙ වැඩේ බූරුවා කරන්න ගිහින් ක්‍රිකට් විනාශ කරා“ – අර්ජුන

colombotoday

ගෝඨාභය දුමින්දට ජනපති සමාවදීම නීතියට පටහැනී

Admin