Colombo Today Local News

අත්අඩංගුවේ සිටි ආවා සැකකරුවන් ඇප මත නිදහස්

awaa-jaffna-01ආවා කල්ලියට සම්බන්ධ බවට සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පුද්ගලයින් 11 දෙනෙකු ඇප මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් අරුණි ආටිගල අද නියෝග කළාය.

ඒ, නීතිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවක් සැලකිල්ලට ගනිමින්.

පසුගිය දිනවල යාපනය ප්‍රදේශයේ සිදුවූ ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලට සම්බන්ධ “ආවා“ නමැති කණ්ඩායමක් සම්බන්ධ බවට තොරතුරු වාර්තා වී තිබුණි.

ඒ අනුව ත්‍රස්ත මර්දන කාර්යාංශය විසින් සිදුකළ විමර්ශනවලදී එම කණ්ඩායමට සම්බන්ධ බවට සැකපිට මෙම සැකකරුවන් 11 දෙනා අත්අඩංගුවට ගෙන තිබු අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

මෙම සැකකරුවන්ට එරෙහිව ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කටයුතු නොකරන බවත්, මුදල් විශුද්ධිකරණ පනත සහ ත‍්‍රස්තවාදයට මුදල් සැපයීම සම්බන්ධ පනත යටතේ ඔවුන්ට එරෙහිව කටයුතු කරන බවත් එහි සඳහන්.

සැකකරුවන්ට රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප දෙක බැගින් නියම කෙරුණි.

Related posts

කෝටි තුනකට අධික හෙරොයින් සමඟ 3 ක් දැලේ

colombotoday

පහේ හපනුන් ජනප්‍රිය පාසල්වලට තෝරාගන්නා කඩයිම් ලකුණු මෙන්න

colombotoday

කොමදෝරු දසනායක ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ගල් පැලෙන බොරු කියලා !

colombotoday

පාසල් 120කට සුවතා කාමර

colombotoday

ජීවත්ව සිටියදී මෙන්ම මිය ගිය පසුවත් ජනතාවගේ හදවත දිනාගෙන සිටීම ලේසි පහසු කටයුත්තක් නොවේ – මහින්ද රාජපක්ෂ

Admin

ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයෙන් ඉවතට…

colombotoday