Colombo Today Local News

පාසල් 120කට සුවතා කාමර

කොවිඩ් වසංගතයත් සමග සිසුන්ගේ ආරක්ෂාව සඳහා රටපුරා පාසල් 120ක සුවතා කාමර ඉදිකිරීමට සැලසුම් කර ඇත.

අමෙරිකාවේ සංවර්ධන නියෝජිතායතනය වන ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිත ආයතනයේ ආධාර යටතේ ඉදිකිරීමට නියමිතය.

කොවිඩ් වෛරසයට එරෙහි මූලික පූර්වාරක්ෂණ ක්‍රියාමාර්ග වශයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දී ඇති නිර්දේශවලට අනුව එම සුවතා කාමර ඉදිකෙරෙන බව පැවසෙයි.

එසේම යාපනය, කිලිනොච්චිය, මුලතිව්, වව්නියාව, ත්‍රීකුණාමලය, මඩකලපුව, අම්පාර, අනුරාධපුරය, මහනුවර, මොණරාගල සහ ගම්පහ පාසල්වල සුවතා කාමර පිහිටුවනු ලබයි.

එහි’ ඇඳන්, මෙට්ට, ප්‍රථමාධාර කට්ටල, විවිධ ස්ථානවලට ගෙනයා හැකි තිර සහ බෙහෙත් ශාලා ඇතුළත් වේ.

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ඇලේනා බී ටෙප්ලිට්ස් මහත්මිය සඳහන් කරන්නේ කොවිඩ් ව්‍යාප්තිය වැලැක්වීමට සහ ලංකාවේ ග්‍රාමීය ප්‍රජාවගේ සෞඛ්‍ය ප්‍රවර්ධනය වෙනුවෙන් සෑම විටම සහය වන බවයි.

Related posts

මැතිවරණ වියදම් නියාමන පනත මැතිසබයට ඉදිරිපත් කරයි

Admin

ඉදිරි පැය 24දීත් ප්‍රදේශ රැසකට තද වැසි

colombotoday

කොරෝ­නා­වෙන් දරුවන් දෙන්නා බේරා ගන්න නීති විරෝධී ලෙස බෝට්ටු­වෙන් ලංකා­වට ආ රම්මු­ගන් රවායි

colombotoday

පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් ධූරය කුෂානි රෝහණධීර ට

colombotoday

2020 දී විධායක අගමැති මෛත්‍රී?

colombotoday

කුඩු කල්ලිය සහ කසිප්පු කල්ලිය අතර ගැටුමක්. – තුන් දෙනෙක් රෝහල් ගත කෙරේ

colombotoday