Colombo Today Local News

තෙරුවණට අපහාස කළ අබ්දුල් රාසික්ට ඇප නෑ.. නැවතත් රිමාන්ඩ්

abdul-razik-6232

භික්ෂූන්වහන්සේට අපහාස කර ජතික සමගියට  බාධාවන ප්‍රකාශ නිකුත් කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ තව්හිද් ජමාත් ඉස්ලාමීය සංවිධානයේ ලේකම් අබ්දුල් රාසික් රෆ්ඩීන් නමැත්තා ලබන 9 වැනිදා දක්වා නැවත වරක් රක්ෂිත බන්ධානාගාරගත කිරීමට නියෝග කෙරුණා.

ඒ අද අලුත්කඩේ අංක 4 අධිකරණය වෙත ඔහු ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

බුදුන් වහන්සේට සහ තෙරුවණට අපහාස කිරීම සහ බෞද්ධ ජනතාව කුපිත කර ආගමික කෝලහාලයක් ඇති කිරීමට උත්සහා දැරීමේ චෝදනවා මත මේ වන විට ඔහුට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 1ඒ හි විභාග වන 7464/14 දරණ නඩුවේ ඇප කොන්දේසි උල්ලංඝනය වන අයුරින් බෞද්ධ ජනතාවගේ සිත් රිදෙන පරිදි ආගමික සංහිදියාවට බාධ කරමින් හැසිරීම සලකා බලමින් නැවත වරක් රක්ෂිත බන්ධනාගාරගතකිරීම ගරු අධිකරණය නියෝග කල බව අදාළ නඩුවේ පැමිනිළ්ල වෙනුවෙන් පෙනී සිටින තීඥ දර්ශන රන්මුතුගේ මහතා පැවසීය.

 

Related posts

රංජන් රාමනායක ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලේ විකලාංග සායනයට

colombotoday

මලික් සමරවික‍්‍රමට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක්?

colombotoday

ගොඩනැගිල්ලක සිව්වැනි මහලින් වැටී පෙදරේරුවෙකු මරුට

Admin

සංවිධානය කළ උත්සව-චාරිකා නවත්වන්න – යුද හමුදාපති

colombotoday

“අප රටේ කොඳු නාරටිය බෞද්ධ දර්ශනයයි. මෙහි ඉපදෙන සියලුදෙනා එයට ගරු කල යුතුයි.” මැල්කම් රංජිත් අගරදගුරුතුමා පවසයි.

colombotoday

පවුල් ආරවුල් මැද්දට පැන්න නෑනා මස්සිනාගෙන් වෙඩි කයි

Admin