Colombo Today Local News

පවුල් ආරවුල් මැද්දට පැන්න නෑනා මස්සිනාගෙන් වෙඩි කයි

අකුරැස්ස දෙදියගල ප්‍රදේශයේ නිවසක සිටි 26 හැවිරිදි තරුණියකට කොටන තුවක්කුවකින් වෙඩි තබා තුවාල සිදු කළ බව කියන ඇගේ මස්සිනා සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

වෙඩි වැදීමෙන් තුවාල ලැබු තරුණිය වෛද්‍ය ප්‍රතිකාර සදහා මාතර මහ රෝහල වෙත ඇතුළත් කර ඇත.

සැකකරුගේ හා බිරිදගේ ප්‍රශ්නවලට නෑනා මැදිහත් වන බවට ඇති කර ගත් පවුල් ආරවුලක් මෙම අපරාධයට හේතු වී ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බව බංගම පොලීසිය පවසයි.

වෙඩි තැබීමෙන් පසු සැකකරු පලා ගොස් ලේනව කැලෑවක සැගවී සිට තිබු අතර අකුරැස්ස පොලීසියේ වැඩබලන ස්ථානාධිපති සුදත් සුදුසිංහ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සිදු කළ සෝදිසි මෙහෙයුමකින් පසු ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

හිටපු එල්ටීටීඊ සාමාජිකාවක්, ව්‍යාජ ලේඛණ සකසා රට යැවූ කොස්තාපල් අත්ඩංගුවට

Admin

ධනුෂ්කට ඇප ඉල්ලා නිව් සවුත් වේල්ස් ශ්‍රේෂ්ඨාධිකරණයට යළිත් ඇප අයදුම්පතක්..

Admin

ගුවන් යානයක් විනාශ කළැයි චෝදනා ලැබූ හිටපු කොටියා නිදොස් කොට නිදහස් !

colombotoday

ඉතිහාසයේ මුල් වරටයි.. ඩොලරය 147ට නගී.. රුපියල අනාථයි !

colombotoday

අයවැය පෙරවාරි 05

colombotoday

හමුදා සාමාජිකයන්ගේ ආගමික කටයුතු වලට බාධා කරන ලොක්කෙක් ගැන අස්ගිරි මහා නා හිමිගෙන් පැමිණිල්ලක්

colombotoday