Colombo Today Local News

උඩවලව ජලාශයේ රොන්මඩ කියුබික් මීටර් ලක්ෂ 15ක්

උඩවලව ජලාශයේ රොන්මඩ කියුබික් මීටර් ලක්ෂ 15ක් ( මිලියන 1.5ක්) පිරී ඇතැයි උඩවලවේ ඉංජිනේරු කාර්යාලය කළ ගණිතමය අධ්‍යයනයකින් තහවුරු වී තිබේ.

මෙලෙස එකතු වී ඇති රොන් මඩ වල ට්‍රැක්ටර් කියුබ් ප්‍රමාණය පන්ලක්ෂ පන්දහස් නවසියයක් බවද එම මඩ ඉවත් කිරීම මගින් වැඩිවන ජල ධාරිතාවය අක්කර අඩි 1273ක් හෙවත් කියුබික් මීටර් මිලියන දශම 05ක් බව ගණන් බලා ඇත. ඉන් වැඩිපුර වැපිරිය හැකි කුඹුරු ප්‍රමාණය අක්කර 300කි.

උඩවලවේ ජලාශයේ ජල ධාරිතාව කියුබික් මීටර් මිලියන 265කි.

නියඟයෙන් සිදී ගොස් ඇති උඩවලව ජලාශයේ රොන්මඩ ඉවත් කරන්නැයි ගොවීන් කර ඇති ඉල්ලීම පරිදි ක්ෂේත්‍ර අධ්‍යයනයක් සඳහා නිලධාරීන් පිරිසක් උඩවලව ජලාශය වෙත යැවීමට තීරණය කර ඇත.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, වාරිමාර්ග හා මහවැලි සංවර්ධන අමාත්‍ය රොෂාන් රණසිංහ, වනජීවී හා වනසංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්ම මහත්මීන් සහ කෘෂිකර්ම, වනජීවී, මහවැලි හා වාරිමාර්ග අමාත්‍යාංශ නියෝජනය කරමින් නිලධාරීන් සහ ගොවි නියෝජිත පිරිසකගේ සහභාගීත්වයෙන් මහවැලි අමාත්‍යාංශයේ දී සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත.

Related posts

බදියුදීන් ඇතුළු ඉල්ලා අස්වූ සියලු දෙනා නැවත ඇමතිකම්වල දිවුරන්න සූදානම් !

colombotoday

පොතුහැර පුද්ගල ඝාතනයක්

colombotoday

බස් ගාස්තු සංශෝධනයේ වෙනසක් නැහැ

Admin

අගමැති රනිල් ධුරයෙන් ඉල්ලා අස්වෙයි…

colombotoday

“මේ ආණ්ඩුවේ හොදයැයි කීමට කිසිවත් ඉතිරි වී නැහැ.. ආණ්ඩුව පෙරළනවා..” රතන හිමි ගල්ලෙන බිදින්න යයි

colombotoday

බෝරා මුස්ලිම් නායකයා ඇතුළු පිරිස කොරෝනාවෙන් බේරෙන්න ලංකාවට එයි

colombotoday