Colombo Today Local News

ආපදා හේතුවෙන් වසා තැබෙන බස්නාහිර, සබරගමුව පාසල් මෙන්න

u2rw650g

පවතින ආපාදා තත්ත්වය හේතුවෙන් බස්නාහිර සහ සබරගමුව පළාතේ පාසල් කිහිපයක් වසා තැබීමට අධ්‍යාපන බලධාරීන් තීරණය කර තිබෙනවා. ඒ අනුව බස්නාහිර පළාතේ කොළොන්නාව කොට්ඨාසයේ සියළුම පාසල් අද (23දා) සහ හෙට (24දා) නිවාඩු ලබා දී ඇත.

කොළඹ අධ්‍යාපන කලාපයට අයත් මට්ටක්කුලිය ශාන්ත ජෝන් විද්‍යාලය, තොටළඟ සංඝබෝධි විද්‍යාලය, අල් හිජ්රා මුස්ලිම් විද්‍යාලය,මාලිගාවත්ත දාරුස්සලාම් මුස්ලිම් විද්‍යාලය සහ කැලණිය අධ්‍යාපන කොට්ඨාසයට අයත් මල්වාන මහා විද්‍යාලයඑම දිනවල වසා තැබෙනු ඇත.

කඩුවෙල අධ්‍යාපන කොට්ඨාසයේද පාසල් කිහිපයක් සඳහා නිවාඩු ලබාදී තිබෙන අතර, එම කලාපයට අයත් ශාන්ත මරියා විද්‍යාලය,මුනිදාස කුමාරතුංග මහා විද්‍යාලය සහ ඉහළ බෝමිරිය ප්‍රාථමික විද්‍යාලය වසා තැබේ.

ඊට අමතරව හෝමාගම අධ්‍යාපන කලාපයට අයත් මායාදුන්න මහා විද්‍යාලය, පහළ හංවැල්ල කනිෂ්ඨ විද්‍යාලය, පහත්ගම රෝමානු කතෝලික විද්‍යාලය, තුන්නාන සුමනජෝති විද්‍යාලය, ආටිගල කනිෂ්ඨ විද්‍යාලය, ජල්තර කනිෂ්ඨ විද්‍යාලය, මුල්ලේගම කනිෂ්ඨ විද්‍යාලය, බටවල කනිෂ්ඨ විද්‍යාලය සහ පානලුව කනිෂ්ඨ විද්‍යාලයද අදාළ දිනවල වසා තැබෙන බව බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍ය රංජිත් සෝමවංශ මහතා පැවසීය.

සබරගමු පළාතේ පාසල් රැසක් නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට සබරගමු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ. ඒ අනුව අවතැන් කඳවුරු පවත්වා ගෙන යාම සහ අනතුරුදායක බව හේතුවෙන් පහත සඳහන් පාසල් නැවත දැනුම් දෙන තුරු වසා තැබෙනු ඇති බව එම අමාත්‍යාංශ දැනුම්දී ඇත.

කෑගල්ල දිස්ත්‍රික්කය
මාවනැල්ල කලාපය

අවතැන් කඳවුරු නිසා වසා දැමෙන පාසල්

හත්ගම්පල ම.වි.
දිප්පිටිය රාජගිරි ම.වි.
දෙබත්ගම ක.වි.
මාලියද්ද ක.වි.
කළුගල ප්‍රා.වි.
රහල බටහිර ක.වි.
දිප්පිටිය මුස්ලිම් ම.වි.
අරණායක මානදී ක.වි.
අල්අරෆා මු.වි.
රිවිසඳ ම.ම.වි.
දිප්පිටිය රාජගිරිය ප්‍රා.වි.
ගල්බොක්ක ඩී.එස්. සේනානායක ප්‍රා.වි.
දම්පැල්ගොඩ ක.වි.
සුමංගල ක.වි. උස්සාපිටිය
පොල්අඹේගොඩ ක.වි.

අනතුරුදායක බව නිසා වසා දැමෙන පාසල්

එළහපිටිය සිරිපුර ප්‍රා.වි.
දෝතල්ඔය ප්‍රා. වි.
නාරංගල දෙ.වි.
අම්බලන්කන්ද ම.වි.
පහළද ඹවිට ප්‍රා.වි.
ගන්තුන උඩගම ප්‍රා.වි.
හේනේපොළ ඕල්කට් ම.වි.

දෙහිඕවිට කලාපය

අවතැන් කඳවුරු නිසා වසා දැමෙන පාසල්

බුලත්කොහුපිටිය සීලාන්නද ම.වි.
පන්නල ම.වි.
පැල්ම්පිටිය ක.වි.
යෝගම දෙ.වි.
තලපිටිය ක.වි.
කහනාවිට ක.වි.
බේරන්නාව අභයපුර ම.වි.
වැලිහෙළ තෙන්න ක.වි.
අනතුරුදායක බව නිසා වසා දැමෙන පාසල්

දෙහිඕවිට දෙ.වි.
ඩෙන්ස්වර්ත් දෙ.ක.වි.
අටලුගම්විල ප්‍රා.වි.
කලුපහන දෙ.වි.
සීපෝර්ත් ම.වි.
ගඟසිරිකුමර ක.වි.
අමනාවල ක.වි.
කන්දල්ඔය දෙ.වි.
නාගස්තැන්න දෙ.වි.

කෑගල්ල කලාපය
අවතැන් කඳවුරු නිසා වසා දැමෙන පාසල්

දීවෙල ම.වි.
අරුග්ගම්මන ප්‍රා.වි.
මාදෙණිය දෙ.වි. / දොරවක
කනන්ගමුව රාජසිංහ ම.වි.

අනතුරුදායක බැවින් වසා දැමෙන පාසල්

බෙලිහුල්වාන ප්‍රා.වි.
ගන්තුන කඳුරට ම.වි.
වතුර ශ්‍රී ලංකා ප්‍රා.වි. (බණ්ඩාරනායක ක.වි.ට අනුබද්ධ)

රත්නපුර දිස්ත්‍රික්කය

රත්නපුරය කලාපය

අවතැන් කඳවුරු නිසා වැසීමට සිදුවන පාසල්

උඩුවක සිද්ධාර්ථ ම.වි.

දෙයියගල ප්‍රා.වි.

ගැටහැත්ත අනුර ම.වි.
දිවුරුම්පිටිය සමන් විද්‍යාලය
ඇහැළියගොඩ විජේනායක ම.වි.
ආඳාගල සුගත බුද්ධි විද්‍යාලය

Related posts

චීනෙන් ශ්‍රී ලංකාවට PCR පරීක්ෂණ කට්ටල 25,000ක ප්‍රධානයක්

colombotoday

රත්මලාන කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ගොඩනැගිල්ලකින් ඇඳ වැටී තරුණියක් මරුට

colombotoday

ඉ-හෙල්ත් කාඩ්පත ජනගත කිරීම ඇරඹේ…

colombotoday

ඇමති චම්පිකගේ පියා කලුරිය කරයි

colombotoday

ඉන්දියාවේ අපරාධ රැසකට සම්බන්ධ ත්‍රස්තවාදියෙක් මෙරටදී අල්ලයි

Admin

ස්වයං නිරෝධායනයෙන් තොරව ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට එක්සත් රාජධානියට ඇතුළුවීමට අවසර

colombotoday