Colombo Today Local News

“අපේ අයවැය දැක IMF ඉතා සතුටට පත්වෙලා.. තවත් ණයක් දෙන්න ලෑස්ති“ – මුදල් ඇමති රවී

ravi 125මෙවර අයවැය දැකීමෙන් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉතාමත් සතුටු වෙමින්, දෙවැනි අදියරේ ණය මුදල ලෙස ඇ.ඩො.මිලියන 162.6ක් අප රටට ලබාදුන් බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදීමට යෝජිත ඇ.ඩො. මිලියන 1,500ක පමණ ණය මුදලින්, 2016 වසර සඳහා වූ ඇ.ඩො.මිලියන 325.2 ක ණය මුදලේ දෙවැනි ණය වාරිකය ලෙස ඇ.ඩො.මිලියන 162.6ක් පසුගිය 18 වැනිදා ඇමෙරිකාවේ, වොෂිංටන් නුවර පිහිටි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූලස්ථානයේ පැවති විධායක අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී අනුමත කර තිබීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් මුදල් අමාත්‍යවරයා මෙසේ පවසයි.

එහිදී, වැඩිදුරටත් රවි කරුණානායක මහතා පවසන්නේ අයවැයට පසුව මෙම ණය මුදල මුදාහැරීම තුළ රටේ මූල්‍ය විනයක් ඇතිව, යම් ඉදිරි දැක්මක් ඇතිව මෙම රජය කටයුතු කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා පිළිගෙන ඇති බවද පෙන්වා දෙයි.

Related posts

LTTE එක ගේන එකයි අපේ එකම අරමුණ – විජයකලා මහේෂ්වරන් : Video

colombotoday

කොරෝනා පරීක්ෂණයට බේරුවල පල්ලියකට ගිය සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට විරෝධය. – පල්ලියේ ගේට්ටුව වසා ඉබි යතුරුත් දමයි.

colombotoday

දරුණු කොටින්ට නිදහස ඉල්ලා කොළඹදී අඩ නිරුවතින් උද්ඝෝෂණ (Photo)

colombotoday

වැලන්ටයින් දින සාද තහනම් | නිරෝධායන නීති යටතේ නඩු.

colombotoday

එළවළු අස්සෙන් කසිප්පු විකුණූ ව්‍යාපාරිකයෙක් මාට්ටු

colombotoday

හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයට පස් කඳු කඩා වැටෙයි

colombotoday