Colombo Today Local News

දරුණු කොටින්ට නිදහස ඉල්ලා කොළඹදී අඩ නිරුවතින් උද්ඝෝෂණ (Photo)

“දේශපාලන සිරකරුවන්“ වහා නිදහස් කරන ලෙසත්, උපවාසයේ යෙදෙමින් සිටින හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයන් තිදෙනාගෙ ඉල්ලීම් මහා ඉටුකරන ලෙසත් ආණ්ඩුවට බල කරමින් අද (23) කොළඹ මහාධිකරණය ඉදිරියේ විරෝධතාවක් පැවැත්විණි.

“දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ජාතික ව්‍යාපාරය“ නම් පිරිස මෙය සංවිධානය කළ අතර ඊට සහභාගී වූ අයෙක් අඩ නිරුවතින් පොතක් ද අතැතිව විරෝධයේ නිරත විය.

උපවාසයේ යෙදී සිටින සුලක්‌ෂණ්‌, රාසතුරෙයි සහ ගනේෂන් නමැති හිටපු කොටි ක්‍රියාකාරීන් තිදෙනා, යුද සමයේදී තරාවෙඩිපායි කොටි කදවුරේ සිරගතව සිටි නාවික සෙබළුන් 18 ක් සහ යුද හමුදා සෙබළුන් 6 වෙඩිතබා මරා පුළුස්සා දැමීමේ බිහිසුණු අපරාධයට සම්බන්ධවූවන් බව ත්‍රස්ත මර්ධන ඒකකය හෙළිදරව්කරගෙන ඇති බව අද (23) මාධ්‍ය වාර්තා කර තිබිණි.

ඡායාරූප – ලංකාදීප

Related posts

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුව නම් කෙරේ

colombotoday

නව ව්‍යවස්ථාවට යෝජනාවක් : 55 පැන්නොත් ජනාධිපතිකමට ඉල්ලන්න බැහැ

colombotoday

19 තීරණාත්මකයි.. මහනුවරදී හෙට වෙන්න යන දේ මෙන්න !

colombotoday

ධීවර සංස්ථාව තවත්නම් කරගෙන යන්න බැරිවෙයි.. විකුණනවාද? අවසන් තීරණය අගහරුවාදා

colombotoday

චන්දිමාල්ගේ උපන්දින සාදයට එක්වූ තවත් 6දෙනෙක් අත්අඩංගුවට

colombotoday

මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කමාන්ඩෝ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී තනතුරට..!

colombotoday