Colombo Today Local News

එල්.ටී.ටී.ඊ සංවිධානය ප්‍රවර්ධනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

එල්.ටී.ටී.ඊ සංවිධානය ප්‍රවර්ධනය කළ පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, එරාවුර් පොලීසිය විසින් අදාළ පුද්ගලයා අත්අඩංගුයට ගත් බවය.

අත්අඩංගුවට ගත් සැකකරු එල්.ටී.ටී.ඊ සංවිධානය තහනම් සංවිධානයක් ලෙස නම් කර තිබිය දීත් එම සංවිධානය අන්තර්ජාලය හරහා ප්‍රවර්ධනය කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ එරාවුර් පොලිස් වසමේ චෙන්කලඩි ප්‍රදේශයේ පදිංචි නවනීදන් පිල්ලේ මෝහන් හෙවත් තියටර් මෝහන් නැමති 56 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරු සන්තකයේ තිබු දුරකථනයක් සහ “ඇපල් අයි පෑඩ්” එකක් ද පොලිස් භාරයට ගෙන ඇති අතර ඔහුට එරෙහිව විවිධ පොලිස් ස්ථානවල නඩු 14ක් පමණ ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන අනුව සැකකරු රඳවා තබා ගනිමින් ප්‍රශ්න කිරීමට නියමිතය.

Related posts

කළුගල් වැඩබිම් රැසකින් පුපුරණ ද්‍රව්‍ය අතුරුදන් – ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව ජාතික විගණන කාර්යාලය වාර්තා කරයි.

colombotoday

යුද හමුදා විශේෂ බළකායේ සහයෝගයෙන් පාසල් රුක් රෝපණ වැඩසටහනක් !

colombotoday

අගමැති මහින්ද ඉන්දියාවේ සංචාරයක

colombotoday

ගල් අඟුරු රැගත් නෞකා 3ක් ජනවාරි මස මුලදී දිවයිනට

Admin

අන්තවාදී මතවාද දරන්නන් පිරිවරා ශුරා සභාවේ මහා සභා රැස්විම කොළඹදී පවත්වයි.

colombotoday

“එන වසරේ සිට සියළු සිසුන් සාමාන්‍ය පෙළ සමත් කරනවා.. අධ්‍යාපන ක්‍රමය වෙනස් කරනවා” – අකිල

colombotoday