Colombo Today Local News

මල් පොහොට්ටුවේ පළමු මාධ්‍ය හමුව නෙළුම් මාවතේ.. අදම පැවැත්වූ හේතුවත් ජී.එල්. කියයි

slpjpශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පළමු මාධ්‍ය හමුව බත්තරමුල්ල නෙළුම් මාවතේ එම පක්ෂ මූලස්ථානයේදී දැන් පැවැත්වෙනවා.

මාධ්‍ය හමුව අමතමින් හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියේ අලුත් වෙනසක් උදෙසා සියල්ල සූදානම් බවයි.

මෙම මාධ්‍ය හමුවට පක්ෂයේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්, හිටපු ඇමති බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් එක්ව සිටිනවා.

මාධ්‍ය හමුව අමතමින් ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කර සිටියේ නව පක්ෂයෙ පළමු මාධ්‍ය හමුව අද පැවැත්වීමට තීරණය කෙරුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපන් දිනය හෙටට යෙදී ඇති නිසා බවයි.

හිටපු ජනාධිපතිවරයා නව පක්ෂයේ නායකත්වය ඉදිරියේදී බාරගනු ඇති බවත් නව පක්ෂය පිහිටවා තිබෙන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ දර්ශනය පදනම් කරගෙන බවත් ජී.එල්. පීරිස් මහතා පැවසීය.

Related posts

මේක බුදුන්ගේ දේශයයි. | අසාධාරණය වුනේ සිංහලයන්ටයි. | මානව හිමිකම් උල්ලංඝනය කලේ ත්‍රස්තවාදීන්. | දෙමල වෛද්‍යවරයාගේ හෘද සාක්ෂිය

colombotoday

ගෝඨා ඉල්ලේ. වයිට් වෑන් ඉල්ලේ. – රනිල්ගෙ අලුත්ම එක මෙන්න

colombotoday

‘තව එක අවස්ථාවක් දෙන්න රාජපක්ශ රෙජිමය වළලලා දාන්න’- අගමැති රනිල්

colombotoday

පුත්තමේ පුපුරා ගියේ ක්ලේමෝ බෝම්බයක් දැයි සැකයක්

colombotoday

අදත් ප්‍රදේශ රැසකට තද වැසි… දිස්ත්‍රික්ක කිහිපයකට නැයයෑම් අනතුරු ඇඟවීම්

Admin

ජිනීවා යෝජනාවලියෙන් ඉවත්වීමේ තීරණය ගැන ඩයස්පොරාව සහ බටහිර රටවල් 7ක් කලබල වෙයි !

colombotoday