Colombo Today Local News

අදත් ප්‍රදේශ රැසකට තද වැසි… දිස්ත්‍රික්ක කිහිපයකට නැයයෑම් අනතුරු ඇඟවීම්

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තද වැසි ද ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අතර ලැබෙමින් පවතින වර්ෂාපතනය සැලකිල්ලට ගෙන ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඉදිරි පැය 24ක කාලයකට රත්නපුර, කොළඹ හා කෑගල්ල දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කිහිපයක් සඳහා නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා සඳහන් කරන්නේ, අද රාත්‍රී 8.30 වන තෙක් එම නිවේදනය නිකුත්කර ඇති බවයි.

Related posts

ඇලෝසියස්ගෙන් මුදල් ලබාගත් තවත් අයෙක් හෙළිවෙයි !

colombotoday

දුම්රිය ව්‍යාපෘතියෙන් කප්පම් ඉල්ලූ ඇමති මෙන්න – ව්‍යාපෘතියේ අධ්‍යක්ෂකවරු සියල්ල හෙළි කරයි..

colombotoday

ජේතවනාරාම දාගැබට සිදුවන ජල කාන්දුව වැළැක්වීමට ජල මුද්‍රිත ආවරණයක්

Admin

“පෝලිම්වල හැඟීම්බරව ආවේග වී සිටින ජනතාවට ඡන්ද මානසිකත්වයක් නෑ” – මැ.කො.ස.

colombotoday

මුස්ලිම් ජනතාවට අපේ රටේ මරාගෙන මැරෙන්න තරම් ප්‍රශ්න නෑ.. සහරාන් මේක කළේ කාගේ හරි උවමනාවක් වෙනුවෙන් – මුජිබර් රහුමාන්

colombotoday

නැගෙනහිර සිංහලයන්ට සිදුවූ ඓතිහාසික අසාධාරණය….

colombotoday