Colombo Today Local News

බීමත්ව රේල් පාරේ නිදා සිටි අයෙක් දුම්රියේ ගැටී මරුට

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ අම්බලන්ගොඩ උඩුවරාගොඩදි දුම්රියක ගැටි පුද්ගලයකු ජීවිතක්ෂයට පත්වී ඇති බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.මුහුදු බඩ දුම්රිය මාර්ගයේ කොළඹ සිට ගාල්ල දක්වා ගමන් ගත් රාත්‍රී තැපැල් දුම්රියේ මේ පුද්ගලයා ගැටී ඇත්තේ ඊයේ (24)දින රාත්‍රීයේ බවද පොලීසිය කියා සිටි.

අනතුරින් ජීවිතක්ෂයට පත්වී ඇත්තේ අම්බලන්ගොඩ කහව උඩුවරාගොඩ පදිංචි 52 හැවිරිදි නීල් ශාන්ත නමැත්තෙකි.

නිවාස ආසන්නයේ ඇති දුම්රිය මාර්ගයේ වාඩිවී ඔහු මත් පැන් පානය කර ඇති අතර ඔහුට දුම්රිය මාර්ගයේම නින්ද ගොස් ඇති බවයි මූලික පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ.

මේ සම්බන්ධ මරණ පරීක්ෂණය අද (25)දින බලපිටිය මූලික රෝහලේදී පැවැත්වීමට නියමිතය.

අම්බලන්ගොඩ පොලීසිය මේ පිලිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related posts

සිගරැට් බහාලුමක් අත්අඩංගුවට

Admin

මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 6,120ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

Admin

උතුරේ ආණ්ඩුකාරධුරය මහාචාර්ය නන්දන විජේසිංහටද ?

colombotoday

අපේ ඉලක්කය සංචාරකයින් මිලියන 7ක් !

colombotoday

ශ්‍රී ලංකාවේ ණය ප්‍රශස්තකරණය ගැන චීන මුදල් අමාත්‍යවරයාගෙන් සහතිකයක්

Admin

මෙවර ජයග්‍රහණයෙන් පසු එජාපය වසර 25කට සොලවන්න දෙන්නේ නෑ

colombotoday