Colombo Today Local News

කෝටි 02ක කප්පම් ඉල්ලා නිවසට වෙඩි තැබූ කඩුවෙල චමින්දගේ කල්ලියක් අත්අඩංගුවට

කොස්ගම, කලුඅග්ගල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් කෝටි 02ක කප්පම් ඉල්ලූ පුද්ගලයන් 06 දෙනෙකු බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඩුබායිහී සැඟවී සිටින ‘කඩුවෙල චමින්ද’ නමැති පාතාල නායකයාගේ උපදෙස් පරිදි එම කප්පම් මුදල ඉල්ලා ඇති බව මේ වනවිට අනාවරණය වී ඇත.

ඒ අතර කඩයා, මාළුවා හා අශාන් නමින් හඳුන්වන පුද්ගලයින් ද වන බව පොලීසිය පවසයි.

සැකකරුවන් සතුව තිබී ගිනි අවියක්, බෝම්බයක් ඇතුළු ආයුධ තොගයක් ද පොලීසිය සොයාගෙන ඇත.

මොවුන් පිරිස සැකකරුගේ ව්‍යාපාරික ස්ථානයට ගිනිතබා ඇති අතර ඔහුගේ නිවසට වෙඩි තැබීමක්ද සිදුකර තිබුණි.

ඊට අදාළ සී.සී.ටී.වී. දර්ශන ද අද මාධ්‍ය වෙත නිකුත් කෙරුණි.

Related posts

මෙදා අයවැයෙන් බියර්, වයින් බලපත්‍ර නීති ලිහිල් කරනවා – ඇමති ජෝන්

colombotoday

උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ 27 වනදා ඇඹෙයි

Admin

ගාල්ලේ ගම්මාන 7කට දැඩි සංචරණ සීමා

colombotoday

ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ඖෂධ සැපයීමට ජපානයෙන් ආධාර

colombotoday

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න 3ක් අතහැරීමට තීරණය කරයි

Admin

මෛත්‍රීගේ කතාව ජනතාව රැවටීමේ රංගනයක් පමණයි – ප්‍රසන්න රණතුංග

colombotoday