Colombo Today Local News

ඇඟලුම් කර්මාන්ත ශාලාවක ප්‍රදර්ශනාගාරයක් ගිනි ගනී

වාද්දුව මොරොන්තුඩුව පාරේ කන්දඋඩවත්ත ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක ප්‍රදර්ශනාගාරයක ගින්නක් හටගෙන ඇතැයි වාද්දුව පොලීසිය පවසයි.

මහල් තුනකින් යුත් එහි දෙවන මහලේ ගින්න හටගෙන තුන්වන මහලට සහ පළමු මහළට ගින්න පැතිරී ගොස් ඇති අතර විදුලි උපකරණ සහ රෙදිපිළි මුළුමනින්ම විනාශ වී ඇති බව වාර්තා වේ.

කළුතර නගර සභාවේ ගිනිනිවන රථ දෙකක් යොදා ගින්න පාලනය කිරීමට කටයුතු කර තිබේ.

ගින්න ඇතිවීමත් සමගින් එහි තිබූ රෙදිපිළි විශාල ප්‍රමාණයක් එහි සේවකයින් පිටතට රැගෙන ගොස් තිබුණි.

විදුලි කාන්දුවක් ගින්නට හේතු වන්නට ඇතැයි සැකකරන අතර, සිදුව ඇති දේපළ හානිය රුපියල් කෝටියකට අධික බව සදහන් වේ.

වාද්දුව පොලීසිය පරීක්ෂණ පවත්වයි.

Related posts

පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තගේ නිවස අළු කරයි

colombotoday

“මැතින්ටා. අපි UNP” ඉරාජ්ගේ ගීතය රන්ජන්ගේ Facebook ගිණුමෙන් එළිදැක්වුණේ මෙහෙමයි

colombotoday

බස් ගාස්තු 30% කින් ඉහළට

colombotoday

රන්ජන්ගේ සිරකුටිය තහනම් කලාපයක් කරයි !

colombotoday

ඉන්දු-ශ්‍රී ලංකා ඒකාබද්ධ නාවික අභ්‍යාසය අදින් අවසන්

colombotoday

ලංකාවේ මුස්ලිම් වෙළෙන්ඳන් අරාබි ෂරියා මිණීමරුවන් කිරීම

colombotoday