Colombo Today Local News

විපක්ෂ නායක කාර්යාලය තාවකාලිකව වැසෙයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලය අද (24)දින සිට තාවකාලිකව වසා දැමීමට කටයුතු කළ බව සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි.

විපක්ෂ නායක කාර්යාලයේ සිටි කාර්ය මණ්ඩලය සෞඛ්‍ය උපදෙස් මත නිරෝධායන කටයුතු සඳහා යොමු කර සිටින බවද මහ ලේකම්වරයා සඳහන් කරයි.

විපක්ෂ නායක කාර්යාලය විසබීජහරණය කර සෞඛ්‍ය උපදෙස් මත කඩිනමින් ජනතාව වෙනුවෙන් විවෘත කිරීමට කටයුතු කරන බවත් ඔහු කියයි.

මේ අතර ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ කටයුතු සීමා කිරීමට පියවර ගෙන ඇති බවත් මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

මෙරටින් පළමු මන්කිෆොක්ස් ආසාදිතයා හමුවෙයි

Admin

ගම්පහ ප්‍රදේශ රැසකට අද ජල කප්පාදුවක්

colombotoday

එදා මුස්ලිම් අපිට මුහුණ වහන්න එපා කියපු අයට අද මුහුණ වහන්න වෙලා..!

colombotoday

අගමැතිට සහ කැබිනට් මන්ඩලයට එරෙහිව එජාපය නඩු දමයි…

colombotoday

වියතුන් සභා මැද ගෝඨාභය රට ගොඩනගන අනාගත දැක්ම හෙළිකරයි (Video)

colombotoday

ඇමති විජිත පළමු කැබිනට් මාධ්‍ය හමුවෙන්ම වරද්දාගෙන?

Admin