Colombo Today Local News

චමින්දගේ මන්ත්‍රී ධුරය නයන වාසලතිලකට

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ඉල්ලා අස්වීමත් සමග පුරප්පාඩු වන මන්ත්‍රී ධුරය සඳහා නයන වාසලතිලක මහතා පත්වනු ඇත.

ඒ මහතා 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී බදුල්ල දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගය නියෝජන කරමින් මනාප 31,307ක් හිමිකරගෙන තිබේ.

අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව දැනුම්දුන්නේය.

ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ, සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාරදුන් බවයි.

Related posts

“පිං මන්ත්‍රීකම” Facebook කොමෙන්ටුවෙක් නිසා පත්කළ මන්ත්‍රී පහරදීලා

colombotoday

තුෂාන්ගේ ප්‍රකාශය ගැන බන්දුලගෙන් පොලිස්පතිවරයාට පැමිණිල්ලක්

colombotoday

පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි අපවත්වෙති

colombotoday

චීනයේ ශ්‍රී ලංකා නව තානාපතිවරයා ලෙස පාලිත කොහොන පත් කෙරේ

colombotoday

කටාරය සමග ඇමති රිෂාද් ගේ සෘජු සබදතා.. සිදුකල ව්‍යාපෘති හා ඇමතිගේ ගිණුම් වහා පරීක්ෂා කරනු !!

colombotoday

බදියුදීන් හරි, ඔහුට චෝදනා කිරීම වැරදියි – ජෝන්, කිරිඇල්ල බදියුදීන් වෙනුවෙන් හිටගනී…

colombotoday