World

නාසා හඳට යැවූ ‘පෙරිග්‍රීන්’ චන්ද්‍ර යානයේ මෙහෙයුම අසාර්ථකයි

ඇමෙරිකාවේ නාසා ආයතනය වසර 50 කට පමණ පසු, සඳ ගවේෂණයට රොබෝ යානයක් යැවීමට උත්සාහ කළ නමුත් එම උත්සාහය අසාර්ථක වි තිබේ.

නාසා ආයතනය ‘පෙරිග්‍රීන්’ යනුවෙන් නම් කළ, ලෑන්ඩර් වර්ගයේ එම රොබෝ ගවේෂණ යානය, ඊයේ (8) ‘යුනයිටඞ් ලොන්ච් අලයන්ස්’ නමැති නව රොකට්ටුවේ ආධාරයෙන් පෘථිවි කක්ෂයට යැවීය.

රොකට්ටුවේ ආධාරයෙන්, ‘පෙරිග්‍රීන්’ රොබෝ යානය, සාර්ථක පෘථිවි කක්ෂයට ගොස් රොකට්ටුවෙන් වෙන්වී සඳ බලා යෑමට සැරසුණත්, එහි සූර්ය පැනල නිසි ලෙස ක්‍රියාත්මක වූයේ නැත.

සූර්ය පැනල ක්‍රියාකාරී නොවීම හේතුවෙන් යානයට බලය සැපැයීමක් සිදුනොවිණි. ඒ අනුව, ‘පෙරිග්‍රීන්’ චන්ද්‍ර යානයේ මෙහෙයුම අසාර්ථක බව නාසා ආයතනය නිවේදනය කළේය.

නාසා ආයතනය සමඟ එක් වී ‘පෙරිග්‍රීන්’ රොබෝ යානය, නිපදවා තිබුණේ ‘ඇස්ට්‍රෝබෝටික්ස්’ නමැති තාක්ෂණ සමාගම සමඟ එක් වෙමිනි.

Related posts

රික්ටර් මාපකයේ ඒකක 5.6ක ප්‍රබල භූ කම්පනයක්

colombotoday

මැරුණා යැයි කී කිම් ජෝන් උන් කර්මාන්ත ශාලාවක් විවෘත කරයි

colombotoday

ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත ප්‍රහාරවලට විරෝධය දක්වමින් පකිස්ථානයේ සුළුතර හසාරා වැසියන් මරාදැමුනු තම ඥාතීන් භූමදාන කිරීම ප්‍රතික්ෂේප කරති

colombotoday

ඊශ්‍රායලයට වරෙන්තු නිකුත් කරන්නැයි ඉල්ලීම්

Admin

ජෝ බයිඩ්න් ආසියාවේ සංචාරයක

colombotoday

Facebook සමාව අයැදි

colombotoday