Colombo Today Local News

බූස්ස බන්ධනාගාරයේ ඉන්දියන් ජාතික සැකකරුවෙක් නිලධාරියෙකුට පහර දෙයි

බූස්ස බන්ධනාගාර විශේෂ අංශයේ රඳවා සිටින ඉන්දියන් ජාතික සැකකරුවෙක් බන්ධනාගාර රෝහලේ නිලධාරියෙක්ට පහරදී ඇති බව වාර්තා වේ.

අමාන් ශේක් නම් එම සැකකරු ඊයේ (03) රාත්‍රී ඖෂධ ලබා දුන් ඖෂධ සංයෝජක නිලධාරියාගේ මුහුණ ට ප්‍රහාරයක් එල්ල කර තිබූ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පවසයි.

අදාළ ප්‍රහාරයෙන් එම නිලධාරියා බිම ඇද වැටී ඇති අතර ඔහුව කරාපිටිය රෝහලට ඇතුළු කර ඇත.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ජේලර්වරයෙකු යොදවා මූලික විමර්ශනයක් සිදු කරමින් පවතින බවත් සැකකරුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවත් දිසානායක මහතා පවසයි.

Related posts

“මම අදටත් සජබ යේ උප ලේකම්” – සජබ කූඨ ලේඛනය හැදුවයි ඩයනා සී.අයි.ඩීයට

Admin

නළලේ කොටාගෙන නොසිටියාට මා හොඳ බෞද්ධයෙක් – හර්ෂ ද සිල්වා පිළිතුරු දෙයි

colombotoday

දුම්රිය වර්ජනය තරුණයෙක් බිලිගනී

Admin

අමරපුර රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව 20 සංශෝධනයට විරුද්ද වේ.. තදබල නිවේදනයක්

colombotoday

කාල බෝතලේ තහනම් කරන්න යයි

colombotoday

කඩුගන්නාවේ 6 දෙනෙකු පස් කන්දකට යට වෙයි

colombotoday