Colombo Today Local News

“මම අදටත් සජබ යේ උප ලේකම්” – සජබ කූඨ ලේඛනය හැදුවයි ඩයනා සී.අයි.ඩීයට

තමා සමගි ජනබලවේගයේ උප ලේකම් ධුරයෙන් ඉවත් වූ බවට තම ලිපි ශීර්ෂය සහ අත්සන හොරට යොදා සමගි ජන බලවේගය දිස්ත්‍රික් උසාවියකට කූට ලේඛනයක් ලබාදී ඇතැයි සමගි ජන බලවේගයේ පත් පත්කළ මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේ දී පැවැසුවාය.

මෙි සම්බන්ධයෙන් තමා රහස් පොලිසියට පැමිණිල්ලක් කළ බව කී ඩයනා ගමගේ මහත්මිය කූඨ ලේඛන හදා තියෙන්නේ කවුදැයි කියා රටේ ජනතාවට ඔප්පු කර පෙන්වන බවද සඳහන් කළාය.

‘මම කිසිදිනක මෙවැනි ලේඛනයක් අත්සන් කර දී නැහැ. මගේ නම ඇති ලෙටර් හෙඩ් එකකට කූඨ ලේඛනය හැදුවේ කොහොමද? කවුද මගේ අස්සන ගැහුවෙි. මෙය බරපතල වරදක්. මම අදටත් සමගි සමගි ජනබලවේගයේ උප ලේකම් හැටියට නීත්‍යානුකූලව සිටිනවා. කිසි කෙනෙකුට එය අයින් කරන්න බැහැ”යනුවෙන්ද ඩයනා ගමගේ මහත්මිය කීවාය.

Related posts

අන්‍ය ආගමික ස්ථානවලට පහර දෙන්නන්ට එරෙහිව දැඩි පියවර ගන්න, අගමැතිගෙන් උපදෙස්

colombotoday

අඩු ආදායම් ලාබී පවුල් ගල් යුගයට ගෙන යන ගමන් සිටිනවා

Admin

අට්ටාලයක සිට කුඩු ජාවාරම් කළ තිදරු මවක් අත්අඩංගුවට

Admin

ඇමති ප්‍රසන්නගේ නිවෙසට ප්‍රහාරයක්

Admin

වෛද්‍ය උපකරණ රැසක මිල සංශෝධනයක්

colombotoday

ජනපති ආරක්ෂක රථ පෙළත් සීමා කරයි… ගමන් කරන පාරවල් නොවසයි !

colombotoday