Colombo Today Local News

අට්ටාලයක සිට කුඩු ජාවාරම් කළ තිදරු මවක් අත්අඩංගුවට

වේයන්ගොඩ මාරපොළ ප්‍රදේශයේ විශාල ගසක අඩි 100කට වඩා උසින් සාදන ලද අට්ටාලයක සිට ඉතා සූක්ෂම ලෙස පවත්වාගෙන ගිය කුඩු ජාවාරමක් වටලා තිබේ.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, වේයන්ගොඩ මාරපොළ ප්‍රදේශයේ පදිංචි තිදරු මවකි.

අට්ටාලය තුළ තිබී හෙරොයින් ග්‍රෑම් 1යි මිලි ග්‍රෑම් 400ක්, ජාතික හැඳුනුම්පත් 6ක්, විදෙස් ගමන් බලපත්ර 5ක් සහ ජංගම දුරකතන 8ක් ද පොලිස් භාරයට ගෙන ඇත.

සැකකාරිය ඇයගේ නිවෙසට යාබඳව පිහිටි කැලෑබද ප්‍රදේශයක ඇති විශාල ගසක් උඩ, කිසිවකුටත් නොපෙනෙන අයුරින්, ලී කොටන් සහ ලෑලි යොදා සාදා ඇති අට්ටාලයක සිට කුඩු ජාවාරම පවත්වාගෙන ගොස් ඇති බව විමර්ශනවලදී හෙළි වී ඇතැයි පොලීසිය පවසයි.

මුදල්, මල්ලක දමා ලණුවක් ආධාරයෙන් අට්ටාලයට යැවීමෙන් පසුව, අට්ටාලයේ සිට පහළට කුඩු එවීම කර ඇති බව විමර්ශනවලදී හෙළි වී ඇත.

අට්ටාලයේ සිට අවට ප්‍රදේශයේ විශාල පරාසයක් නිරීක්ෂණය කිරීමට හැකි බවත්, බාහිර පුද්ගලයන් පැමිණීම අට්ටාලයේ සිට නිරීක්ෂණය කර ඇති බවත් පොලීසිය සඳහන් කරයි.

Related posts

කොළඹ වරායේ බටහිර පර්යන්තය පිළිබද කැබිනට් තීන්දුව මෙන්න

colombotoday

කොරෝනා ආසාදනයෙන් බ්‍රිතාන්‍යයේ වෙසෙන ලාංකිකයින් 25 දෙනෙකු මිය ගිහින්

colombotoday

ඇතැම් මාධ්‍යවල පළ වූ රටින් පිටවීමේදී අය කෙරෙන බද්ද ගැන සිවිල් ගුවන් සේවා අධිකාරිය පැහැදිලි කරයි.

Admin

විදෙස් ගමන් බලපත්‍ර ගාස්තු ඉහළට

Admin

පොහොට්ටුවේ 4ක් ඇතුළු පක්ෂ 15ක නාම යෝජනා 18ක් විසිවෙයි !

colombotoday

මොටර් රථයක් ගන්න හොර ලේඛන සැකසු අයෙක් දැලේ

colombotoday