Colombo Today Local News

ඇමති ප්‍රසන්නගේ නිවෙසට ප්‍රහාරයක්

ගෝනවිල පමුණුවිල සරච්චන්ද්‍ර ඩයස් මාවතේ පිහිටි පොදුජන එක්සත් පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාට අයත් දෙමහල් නිවසට කිසියම් පිරිසක් විසින් පහරදී හානි සිදුකර ඇතැයි සපුගස්කන්ද පොලිසිය පවසයි.

මෙම පහරදීමෙන් නිවසේ ජනෙල් අටකට ද හානි සිදුවී ඇතැයි සපුගස්කන්ද පොලිසියේ නිලධාරියෙක් පවසයි.

මෙම පහරදීම සිදු වන අවස්ථාවේ නිවසේ කිසිවකුත් සිට නොමැත.

රාජ්‍ය අමාත්‍යවරයාගේ නිවසට පහර දි අලාභානි සිදුකළ පුද්ගලයන් ගැන තොරතුරු අනාවරණය කරගෙන ඔවුන් අත්අඩංගුවට ගැනීමට සපුගස්කන්ද පොලිසිය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.

ඒ අවට සවිකර ඇති සීසීටීවී කැමරාවල රූප රාමු පරීක්ෂාකර බලා සැකකරුවන් හඳුනාගැනීමට ද පොලිසිය කටයුතු යොදා ඇත.

Related posts

චීනයට එරෙහි කොළඹ උද්ඝෝෂණයට තහනම් නියෝගයක්

colombotoday

කටුගස්තොටත් නොසන්සුන්

colombotoday

බාලිකා විද්‍යාලයකට බලෙන් ඇතුළු වීමට ගිය සිසුන් පිරිසක් පොලිස් බාරයට

colombotoday

වකුගඩු ජාවාරම්කරුවෙක් රට පනින්න යද්දී මාට්ටු

Admin

බංග්ලාදේශයේ ණය මුදල ගෙවීමට තවත් මාස 06ක කාලයක්..

Admin

ජන ජීවිතය යථාවත් කිරීමට ඇඳිරි නීතිය ලිහිල් කෙරේ..

colombotoday