Colombo Today Sports News

ටෙස්ට් පිලේ නායකත්වය ධනංජය ද සිල්වාට

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස ධනංජය ද සිල්වා පත්කළ බව ශ්‍රී ලංකා තේරීම් කමිටුවේ සභාපති උපුල් තරංග මහතා මීට සුළු මොහොතකට පෙර පැවසීය.

උපුල් තරංග සඳහන් කර සිටියේ, එක්දින පිලේ නායක කුසල් මෙන්ඩිස් ටෙස්ට් කණ්ඩායමේ උප නායකත්වයට පත්කළ බවත් ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගයේදී එම දෙපළ නායකයා සහ උප නායකයා ලෙස කටයුතු කරන බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී අද (3) පස්වරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී උපුල් තරංග එසේ පැවසීය.

එම මාධ්‍ය හමුවට ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සෙසු සාමාජිකයන් වන ඩිල්රුවන් පෙරේරා, ඉන්දික ද සේරම්, අජනත් මෙන්ඩිස් සහ තරංග පතරණවිතාන යන මහත්වරු ද සහභාගි වූහ.

Related posts

රුසියාව පැරදූ යුකේ‍්‍රනයේ එලීනාගෙන් හමුදාවට පරිත්‍යාගයක්

colombotoday

චමරි අතපත්තු ලෝකයෙන්ම අංක එකට

Admin

වනිඳු – චමීර වසරේ එක්දින ක්‍රිකට් පිලට

colombotoday

එක්දින තරගාවලිය පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායමට දඩයක්. ධනුෂ්කට විනය චෝදනා

colombotoday

ඉන්දු – ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලිය දින 4කින් කල් යයි

colombotoday

එංගලන්ත සුපිරි පිතිකරුවෙක් සමු ගැනීම ප්‍රකාශ කරයි

colombotoday