Colombo Today Sports News

ඉන්දු – ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලිය දින 4කින් කල් යයි

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත සීිමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය දින 4කින් කල් දමා තිබේ. ඒ ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර් සහ දත්ත විශ්ලේෂක ටී ජී නිරෝෂන් හට කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් උද්ගත වූ තත්වය හේතුවෙන්.

ඒ අනුව ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත එක්දින හා 20යි 20 තරගාවලියන්හි තරග කාලසටහන සංශෝධනය කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව ලබන 13 වනදා ආරම්භ කිරීමට නියමිත වූ එක්දින තරගාවලිය ලබන 17 වනදා ආරම්භ කෙරෙනු ඇති.

උද්ගත වූ තත්වය හේතුවෙන් එංගලන්තයේ සිට පැමිණී ශ්‍රී ලංකා සංචිතයේ ක්‍රිඩකයින් වැඩි කාලයක් නිරෝධායනයට ලක් විය යුතු බැවින්ද මෙම තරගාවලිය ආරම්භය දින 4කින් කල්දැමීමටයි පියවර ගෙන ඇත.

හෙට දිනයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නව තරග කාලසටහන ඉන්දීය ක්‍රිකට් ආයතනයට හා තරග විකාශන ආයතනයට දැනුම් දෙනු ඇති. ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර් සහ දත්ත විශ්ලේශක ටී ජී නිරෝෂන් හට ඩෙල්ටා කොවිඞ් ප්‍රභේදය ආසාදනය වී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

මේ අතර ලබන ජූලි 29 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබූ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියර කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. මීට පෙර මෙම තරගාවලිය ජූලි 29 වැනිදා සිට අගෝස්තු 22 වැනිදා දක්වා පැවැත්වීමටයි සැලසුම් කර තිබුණි.

එම කාලසීමාවේදී විදෙස් ක්‍රිඩකයින් ලන්කා ප්‍රිමියර් ලීග් තරගාවලියට සම්බන්ධ කර ගැනීමේ දුෂ්කරතා සලකා බලා තරගාවලිය කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. ඒ අනුව මෙම තරගාවලිය නොවැම්බර් 19 වනදා සිට දෙසැම්බර් 12 වනදා දක්වා පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරයි.

Related posts

පාකිස්ථාන – එංගලන්ත දෙවන ටෙස්ට් තරගය අද

colombotoday

චමරි අතපත්තු ‘බ්‍රිස්ටල්‘ පිටිය දෙවනත් කරයි.. නොදැවී ලකුණු 178 ක් ගෙන වාර්තාවක් තියයි

colombotoday

සුද්දන් වැනසූ අසේල, සුද්දන්ගේ මීඩියාවලට සිංහලෙන් දුන්න වොයි කට් එක මෙන්න (VIDEO)

colombotoday

ඉන්දියාවට දරුණු පරාජයක්.. අසීරු ඉලක්කයක් හඹා ගොස් සිංහයෝ ලංකාවට ජය ගෙනෙති

colombotoday

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 8ක් ඔලිම්පික් යවන්න වියදම දෙකෝටි විසි ලක්ෂයයි.

colombotoday

ඔට්ටු කරුවන්ට පාවා දෙන ශ්‍රී ලංකා ක්‍රිකට්. ටෙස්ට් තරගයක් පාවා දෙන්න ලක්ෂ 60යි. විදෙස් මාධ්‍ය හෙළිකරයි

colombotoday