Colombo Today Local News

විවාහ මංගල උත්සව පැවැත්වීමට අවසර | පළාත් අතර සංචරණ සීමා තවදුරටත්

අද (10)දින සිට සංචරණ සීමා තවදුරටත් ලිහිල් කිරීමට කටයුතු කර කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා විසින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

ඒ අනුව නව සෞඛ්‍ය මාර්ගොපදේශ මාලාව අනුව ශාලාවේ ආසන ධාරිතාවයෙන් සීයයට 25ක් වන පරිදි හෝ උපරිම 150 සංඛ්‍යාවකට යටත්ව විවාහ මංගල උත්සව පැවැත්වීමට අවසර ලබාදී ඇත.

එමෙන්ම පුජනීය ස්ථාන යලි විවෘත කිරීමට ද නව සෞඛය මාර්ගොපදේශ මාලාව යටතේ අවසරය හිමිව තිබේ.

රජයේ ආයතන සහ පෞද්ගලික ආයතන විවෘතව කිරීමට අවසර ලබාදී ඇත අතර එය අවම සේවක සංඛ්‍යාවකින් කටයුතු කළ යුතුවේ. අවශ්‍යතාවය මත ආයතන ප්‍රධානියාට සේවකයින් ගෙන්වා ගැනීමේ සංඛ්‍යාව තීරණය කළ හැකි අතර එසේ කිරීමේ වගකීම ආයතන ප්‍රධානියා වෙත පවරා ඇත.

කෙසේවෙතත් දැනට පවතින අන්තර් පළාත් සංචරණ සීමා කිරීම් තව දුරටත් ඉදිරි දින 14ක් සඳහා නොවෙනස්ව පවතිනු ඇති බව ද එහි සඳහන් වේ.

Related posts

කුණුවී වැහැරෙන යහපාලනය තිරිහන් කරන්නට ‘පුරවැසි උගුල්’

colombotoday

බිත්තරයකට දෙන රජයේ මිල දැනුම් දෙයි

Admin

අස්ගිරි නාහිමියෝ ජිනීවා අධිකරණයට

colombotoday

සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද සිට යළි වැඩ අරඹයි.

Admin

ආණ්ඩු විරෝධින් ඥාණසාර හිමියන්ට පහර ගැහැව්වේ උන්වහන්සේ ඔවුන්ගේ පොදු සතුරෙක් නිසා විනා රතනවත් කිරුළුපනේවත් කරපු දේ හරි නිසා නොවෙයි.

colombotoday

මධුෂ්ට කෝටි 1000ක මුදල් සහ දේපළ

colombotoday