Colombo Today Sports News

දිමුත් කරුණාරත්න ටෙස්ට් පිතිකරුවන් අතර 8 වෙනි ස්ථානයට

සිය ටෙස්ට් දිවියේ ඉහළම ශ්‍රේණිගත කිරිම සටහන් කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නවතම  ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේදී ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පිතිකරුවන් අතර 8 වැනි ස්ථානයට පත්ව තිබේ. ඒ ස්ථාන 4ක් ඉදිරියට පැමිණෙමිනි.

ගාල්ලේ පැවැති ටෙස්ට් තරගයේදි ශතකයක් වාර්තා කරමින් ඔහු දැක්වූ දක්ෂතාව අනුව මෙසේ තම ටෙස්ට් ජීවිතයේ පළමු වරට දිමුත් ලෝකයේ හොඳම ටෙස්ට් පිතිකරුවන් 10 දෙනා අතරට පැමිණියේය.

ශ්‍රී ලංකා හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ද ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට පැමිණ 14 වැනි ස්ථානයට පත්ව තිබේ. මීට අමතරව නිරෝෂන් දික්වැල්ල 33 වැනි ස්ථානයටත්, ළහිරු තිරිමාන්න 95 වැනි ස්ථානය දක්වාත් ඉදිරියට පැමිණ තිබේ.

ටෙස්ට් පිතිකරුවන් අතර ලෝකයේ අංක එක ඉන්දීය නායක විරාත් කෝලිට හිමිව තිබේ.

ටෙස්ට් පන්දු යවන්නන් අතර ඉදිරියෙන්ම පසුවන ශ්‍රී ලංකා පන්දු යවන්නා වන්නේ සුරංග ලක්මාල්ය ඔහු 30 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ.

මීට අමතරව අකිල ධනංජය 36 වැනි ස්ථානය දක්වාත්, ලසිත් ඇඹුල් දෙණිය 69 වැනි ස්ථානය දක්වාත්, ධනංජයද සිල්වා 77 වැනි ස්ථානය දක්වාත් ඉදිරියට පැමිණ තිබේ.

පන්දු යවන්නන් අතර මුල් ස්ථානයේ පසුවන්නේ ඔස්ට්‍රේලියාවේ පැට් කමින්ස්ය.

Related posts

කාසියේ වාසිය දිනූ පාකිස්තානය පිත්ත අතට ගනී

Admin

බෝලය බැට් එකේ වද්දවා ගැනීමේ දැඩි උත්සාහයක. – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලොවක් සිනාසෙයි

colombotoday

3 වන T20 තරඟයෙනුත් ශ්‍රී ලංකාව පරාජය වේ

colombotoday

කැන්ඩි ටස්කර්ස් ඉවතට විසිවෙද්දී ඉදිරියට යන කණ්ඩායම් මෙන්න.

colombotoday

ක්‍රීඩා අමාත්‍යාංශයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට යෝජනාවක්

colombotoday

හොඳම ක්‍රීඩිකාව නාම යෝජනා ප්‍රකාශයට ඇතුලත් වූ ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව

Admin