Colombo Today Sports News

ශ‍්‍රී ලංකා ක්‍රිකට් පිලට පුහුණුකරුවන්ගේ හිඟයක්

ඉන්දියාව සමගින් ලබන 18 වැනිදා සිට ආරම්භ වීමට නියමිත එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා ශ‍්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (12)දින කණ්ඩායම් වශයෙන් සිය පුහුණුවීම් ආරම්භ කරනු ලැබීය.

පිතිකරණ පුහුණුකරු ග‍්‍රාන්ට් ෆ්ලවර්ට සහ දත්ත විශ්ලේෂක ජී.ටී. නිරෝෂන්ට කොවිඩ් වෛරසය අසාදනය වීමත් සමගින් සෙසු පුහුණුකරුවන් නිරෝධායනයට යොමුකර තිබීම හේතුවෙන් අදාළ පුහුණු සැසි හිටපු දඟ පන්දු යැවීමේ පුහුණුකරු පියල් විජේතුංග විසින් සිදුකර තිබුණි.

අවසන්වරට සහභාගි වූ එක්දින තරග 9න් 7ක් පරාජයට පත් වී සිටින ශ‍්‍රී ලංකා කණ්ඩායමට 2023 එක් දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක එල්ලයේ සහභාගි වීමට නම් මෙම තරගාවලි ජයග‍්‍රහණය බෙහෙවින් වැදගත් වනු ඇත. එනිසා කණ්ඩායමේ පුහුණුකරුවන් නිරෝධායනයෙන් මිදෙන තෙක් පියල් විජේතුංගට අමතරව තවත් තාවකාලික පුහුණුකරුවන් කිහිපදෙනකු හෝ ජාතික කණ්ඩායමට යොදවන්නේනම් එය උචිත වන බව ක්ෂේත‍්‍රයේ කතාබහට ලක්වී ඇත.

එක්දින සංචිතය ඊයේ (12)දින කණ්ඩායම් තුනකට බෙදී පුහුණුවීම්වල නිරත වූ අතර ඒ අයුරින්ම ඔවුන් අදත් පුහුණුවීම්වල නිරත වීමට නියමිතය. ලබන 17 වැනිදා දක්වා එක්දින සංචිතයේ පුහුණුවීම් පැවැත්වෙනු ඇත.

Related posts

අසේල ගුණරත්න සහ සිකුගේ ප්‍රසන්න යන යුධ හමුදා ක්‍රීඩකයින්ට හමුදා උසස්වීම්

colombotoday

ශ්‍රී ලංකාවෙන් සාර්ථක ආරම්භයක්

colombotoday

ඊයේ වැඩ පෙන්වූ අසේල ගුණරත්න, මිලියන 6ක් සමග අද මුම්බායි ඉන්ඩියන්ස් පිළට !

colombotoday

2020 IPL තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී

colombotoday

20/20 කාන්තා ආසියානු කුසලාන අවසන් තරගයට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබයි..

colombotoday

එක්දින තරග 300ක තීරකයා වී මඩුගල්ලේ ලෝක වාර්තාවක් තියයි

colombotoday